ඇඟලුම් ක්ෂේත්‍රය තුළ AI තාක්ෂණය බද්ධ කිරීමට සමත් වූ බ්‍රැන්ඩික්ස් (Brandix)!

Date:

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW):
නවෝත්පාදනයේ මීළඟ මායිම වෙත පිය නඟමින්, අති නවීන කෘත්‍රිම බුද්ධිය(AI) යොදා ගනිමින් Microsoft 365 සඳහා Copilot සමඟ සම්බන්ධ වූ පළමු ශ්‍රී ලාංකික සමාගම්වලින් එකක් වීමට බ්‍රැන්ඩික්ස් (Brandix) සමාගමට හැකි වී තිබේ.

“අප ජීවත් වන ලෝකය ඉතා ඉක්මනින් අතීතය හඳුනා ගත නොහැකි වේගයකින් ඉදිරියට යමින් පවතින බවත්, AI විසින් අප ක්‍රියා කරන ආකාරය සම්පූර්ණයෙන්ම නැවත නිර්වචනය කරනු කරනු ඇති බවත්, Copilot යනු විප්ලවීය අංගයක් වන අතර එය සාමාන්‍ය කාර්යයන් වලින් අපව නිදහස් කර අව්‍යාජ නවෝත්පාදනයකට මග පාදන බවත්, අපගේ දෛනික කාර්යයන් සපුරා ගැනීමටත් හැකියාව ලබා දෙන AI තාක්ෂණය පිළිබඳව අදහස් දක්වමින් බ්‍රැන්ඩික්ස් (Brandix) සමූහයේ ප්‍රධාන විධායක අෂ්රොෆ් ඕමාර් මහතා හැඳින්වීමක් කළේය.

පසුගිය සතියේ Brandix, කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයට පිවිසීම ශක්තිමත් කරමින් එහි ආරම්භක Copilot AI පුහුණු වැඩසටහන පවත්වන ලදී. Microsoft Azure OpenAI සේවාව හරහා OpenAI හි GPT4 මත ගොඩනගා ඇති, Microsoft 365 සඳහා Copilot කර්මාන්ත ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මෙන්ම AI තාක්ෂණය ඵලදායිතා මෙවලමක් බවට පත් කරගන්නා ආකාරය මෙහිදී කියා දෙයි.


“සියලු කාර්යයන් හරහා ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා නවීන තාක්‍ෂණයන් අනුගමනය කරමින් ඇඟලුම් කර්මාන්තයේ නව්‍යකරණයන් සඳහා බ‍්‍රැන්ඩික්ස් නිරතුරුවම ඉදිරියෙන්ම සිටින බව” බ‍්‍රැන්ඩික්ස් (Brandix) හි ඩිජිටල් සේවා ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ඕෂද සේනානායක මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...