සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): පාර්ලිමේන්තු සභාවේදී ඊයේ (21) දින සිදු වු විනය විරෝධී ක්‍රියාව බරපතළ ලෙස තමා හෙළා දකින බව කථානායකවරයා පවසයි.
තවද, කථානායකවරයා මෙහිදී නියෝග කර ඇත්තේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමටයි.
කථානායකවරයා තව දුරටත් කියා සිටියේ, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 146 හි විධිවිධාන ප්‍රකාරව තමා වෙත පැවරී ඇති බලතල අනුව එම තීරණය ගත් බවත් එය අද (22) දින සිට ක්‍රියාත්මක බවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??