ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පාවහන් සමාගමේ අධ්‍යක්ෂවරුන් අතර ආරවුල තවදුරටත් අධිකරණයේ විමසුමට!

Date:

කොළඹ LNW: අධිකරණයට අපහාස කිරීමට එරෙහිව පියවර නොගැනීමට හේතු හා විරෝධතා ඇත්නම් මාසයක් ඇතුළත දැනුම් දෙන්නැයි කොළඹ වාණිජ මහාධිකරණය ප්‍රසිද්ධ පාවහන් සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු වූ අධ්‍යක්ෂවරුන් පස්දෙනෙකුට හා සමාගමේ ලේකම්වරියට පසුගිය (20) නියෝග කරමින් දන්වා සිටියේය.

අදාල පාවන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ,තුසිස්ත රාජපක්ෂ,භාතිය අමරකෝන්,අසංක රාජපක්ෂ,නෙලානි රාජපක්ෂ සහ සමාගම ලේකම් වරුණි ද සිල්වා යන වගඋත්තරකරුවන්ට මෙම නියෝගය නිකුත් කෙරිණි .

පාවහන් සමාගමේ අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කරන සජිත් රාජපක්ෂ යන අයට එම තනතුරුවල කටයුතු කිරීමට බාධා නොකර ඉන්නයි අධිකරණය නිකුත් කළ නියෝගය වග උත්තරකරුවන් විසින් කඩ කර ඇතැයි ඔහුගේ නීතිඥවරයා කළ කරුණු දැක්වීමෙන් පසුව වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙම නියෝගය නිකුත් කළේය.

සිය සේවාදායකයා තම සේවය උපරිම අයුරින් ඉටු කර ඇති බවද ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතා පෙන්වා දුන්නේය. කරුණු දක්වමින් අධිකරණයට පවසා ඇත්තේ සජිත් රාජපක්ෂ මහතා, ඔහු නියෝජනය කළ සමූහ ව්‍යාපාරයේ වර්ධනයට සහ මූල්‍ය සාර්ථකත්වයට විශිෂ්ට දායකත්වයක් ලබාදී ඇති බවයි පසුගිය වසර පහ තුළ ඔහු නියෝජනය කරන රණතුංග රාජපක්ෂ පවුලේ සමාගම්වල දායකත්වය සමූහයේ ලාභයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් සහ එම කාලය තුළ සමූහ සමාගමේ ශුද්ධ වත්කම්වලින් කැපී පෙනෙන 55% ක ප්‍රතිශතයක් සජිත් රාජපක්ෂ මහතා නියෝජනය කරන රණතුංග රාජපක්ෂ පවුලේ සමාගම් වලට අයත් බවත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි.

කසුන් රාජපක්ෂ මහතාගේ මූලික මෙහෙයවීමෙන් යුත් පාවහන් නිෂ්පාදන සමාගම්වල කාර්යය සාධනය පිළිබඳවද අධිකරණයට දැක්වූ මෙම කරුණු ඔස්සේ අනාවරණය වී තිබේ.

පසුගිය වසර පහ තුළ ඔවුන්ගේ නායකත්වයෙන් යුත් සමූහ පාවහන් නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරිත්වයේ වාර්ෂික සාමාන්‍ය පාඩුව මිලියන 28ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.

ඊට හාත්පසින්ම වෙනස්ව එම කාලය තුළම සජිත් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සැම්සන් සමූහ ව්‍යාපාරයේ සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් හා සැම්සන් රබර් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම් විශිෂ්ට ලෙස වාර්ෂික ලාභ කරා මෙහෙයවා තිබූ බවයි කියන්නේ. ඔහුගේ ව්‍යාපාර වාර්ෂිකව සමූහ ව්‍යාපාරයට රු.මිලියන 557ක ලාභ දායකත්වයක් ලබාදී ඇත්තේ රටවල් 75ක ට අධික ගෝලීය අපනයන ක්‍රියාවලියක් හරහා බව පැවසේ.

මෙම අපහාස නඩුව හා ඊට සම්බන්ධ නඩු තුනක් ඊයේ කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ කැඳවීය. ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, නවීන් මාරපන ,ජේෂ්ඨ නීතිඥ සුගත්කල්දේරා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් නඩු සඳහා පෙනී සිටියහ.

අදාළ නඩු ලබන 04 හා 15 වෙනි දින යළි කැඳවීමට විනිසුරුවරයා තීන්දු කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...