ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයෙන් ක්‍රීඩා සංවර්ධන අරමුදලට මූල්‍යාධාර

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ක්‍රීඩා අරමුදල සවිමත් කිරීම උදෙසා ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති කංචන ජයරත්න මහතා විසින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත රුපියල්. 250,000.00 ක මුල්‍ය පරිත්‍යාගයක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ දින (21) සිදු කරන ලදි.

මීට පෙරද රුපියල් 250000.00 මුදලක් පරිත්‍යාග කර ඇති අතර ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් ක්‍රීඩා සංවර්ධන අරමුදල වෙනුවෙන් රුපියල් 500,000.00ක ( ලක්ෂ 5 ක ) මුදලක් පරිත්‍යාග කර තිබේ.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන් මහතා, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ. එස්. නාලක මහතා, විධායක කමිටු සාමාජික රමණී කුලතිලක මහත්මිය යන අය සහභාගී විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...