වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය ඇති පාර්ලිමේන්තුවේ මැදමූලන සම්ප්‍රදාය ක්‍රියාත්මක කළ පොහොට්ටු මන්ත්‍රීන්ට සජිත්ගෙන් දැඩි දෝෂාරෝපණයක්

Date:

පක්ෂ නායකයකු සහ විපක්ෂ නායකවරයා ලෙස සිය වගකීම නොපිරිහෙලා ඉටු කරමින් රටේ ජනතාව මුහුණ දෙන ජාතික මට්ටමේ ගැටලු පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරමින් මහජන නියෝජිතයන් ලෙස ඒවාට ලබා දෙන විසදුම් සාකච්ඡාවට ලබා දීම ස්ථාවර නියෝග 27 (2) යටතේ තමා විසින් සිදු කරන බවත් එහි දී කිසිදු අවස්ථාවට පුද්ගලයකුගේ පෞද්ගලික කරුණු කාරණා මතුකර නොමැති බවත් රටට බලපාන ජාතික ප්‍රශ්න ගැටලු පමණක් ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආර්ථිකය බංකොලොත් කළ පිරිස කවුදැයි ජනතාව විමසන විට සහ පාර්ලිමේන්තුව ඒ සඳහා කාරකසභාවක් පවා පත්කර ඇති විට පසුගිය දා මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් දෙමින් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පී. බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, එස්. ආර්. ආටිගල, ඩබ්. ඩී. ලක්ෂ්මන් සහ මුදල් මණ්ඩලයේ පිරිසක් විසින් රට බංකොළොත් කළ බවට ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ සඳහා පිළිතුරු සපයා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධිකරණය මඟින් ඔවුන් රට බංකොළොත් කළ බවට තීන්දු කළත් ඔවුන් තවමත් ආණ්ඩුවේ ආශිර්වාද මැද සැපසේ සිටියත් මේ රටේ ජනතාව තවත් පරම්පරා ගණනාවක් මේ වන්දි ගෙවිය යුතු බවත් ආර්ථික විශේෂඥයන්ට අනුව ඔවුන් රටේ දශක ගණනාවක් අහිමි කර ඇති බැවින් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියා කර වන්දි ලබා ගන්නේ කෙසේද කියා ජනතාව බලා සිටින බවත් එබැවින් ඔවුන්ගේ ඒ ගැටලුව ඊයේ (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් ඊට බාධා කරමින් කටයුතු කල බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ කළබලකාරි තත්ත්වය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමිනි.

මන්ත්‍රිවරයකු හැසිරිය යුතු ආකාරය ස්ථාවර නියෝගවල සදහන් වන බැවින් සභා ගර්භය හරහා ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂය දෙසට පැමිණ කලහකාරි ලෙස හැසිරුනු සියලු මන්ත්‍රීවරුන්ට විරුද්ධව පියවරක් ගත යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කතානායකවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ සභාගර්භයේ දී මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂව සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයා කවුද කියා ය.

එසේම තමා අත තිබූ ලිපිගොනුව සනත් නිශාන්ත මන්ත්‍රිවරයා උදුරා ගෙන පසු ජගත් සමරවික්‍රම අරගෙන ගිය බවත් ඉන් පසුව එම ලිපිගොනු ඩී. වීරසිංහ අතට ගෙන ඉන් පසුව අගමැතිවරයා සහ සභාපතිවරයා සිටි අසුන ළඟට ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරයා ලිපිගොනු බාර දුන් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ ක්‍රියාදාමය පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වූ බවත් මේ ප්‍රශ්නය මතු කරන විට ආණ්ඩු පක්ෂයේ කණ්ඩායමක් සංවිධානය වී කටයුතු කළ බවත් පැවසීය.

එසේම පාර්ලිමේන්තුව තුළ වෙස්ට් මිනිස්ටර් සම්ප්‍රදාය පමණක් ඇති බවත් මැදමූලන සම්ප්‍රදායක් නොමැති බවත් තමා අසන ප්‍රශ්නවලට උත්තර නැති විට මොවුන් ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කළ බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙපිරිසක් ගැටී අයෙකු මරුට:සැකකරුවන් පලා යයි..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW: ඊයේ (01) සවස් කාලයේදී,...

“විනිවිද කළුවර දිදුලන හදවත” සහ පැමිණි දුක්වල පැණි රස

2025 අවුරුද්දෙ ජුලි 31 හැන්දෑවෙ කොළඹ මහවැලි කේන්ද්‍රයෙ දි...

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...