අනවශ්‍ය කරදර එපා! මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක රැකියා අහිමිවන්නේ නෑ – බන්දුල

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි අද (22) මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක රැකියා පිළිබඳ අදහස් ප්‍රකාශ කළේය.

ඒ මාර්ග සංවර්ධන අධිකාරියේ එකදු සේවකයෙකුගේවත් රැකියා අහිමිවන්නේ නැති බවත්,අධිවේගී මාර්ග විකුණන්නේ හෝ බදු දෙන්නේ නැති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

අධිවේගී මාර්ග විකුණනවා යැයි බියෙන් එහි සේවය කරන පිරිසක් ගෙන යන වර්ජනය සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ පිළිබඳ අදහස් දැක් වූ ප්‍රවාහන අමාත්‍යවරයා,

අද දින මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් පිරිසක් වර්ජනයක් පිළිබඳ දැනුම් දී රාජකාරී කටයුතු වලින් ඉවත් වී තිබෙනවා. ප්‍රවේශපත් විකුණන යන්ත්‍ර සූත්‍ර පවා භාවිතයෙන් ඉවත් වී එම රාජ්‍ය දේපළ ඔවුන්ගේ භාරයට ගෙන තිබෙනවා. මෙම වැඩ වර්ජනය අනිවාර්යයෙන්ම දේශපාලන ක්‍රියාමාර්ගයක්. රට ඉතා අසීරුවෙන් යන අවස්ථාවක රජයට ලැබිය යුතු ආදායම් අහිමි කර තිබෙනවා. දේශපාලන අවශ්‍යතා සඳහා අධිවේගී මාර්ගය යොදා නොගන්නා ලෙසත් මෙවැනි කටයයුතු නොකරන ලෙස ඔවුන්ට දැනුම් දුන්නා. පිරිසක් අසනීප නිවාඩු දාලා අනෙක් සේවකයන්ව බලහත්කාරයෙන් ඊට යොමු කර තිබෙනවා.” යනුවෙන් කියා සිටි අතර, රාජ්‍ය දේපළ සියල්ල නැවත භාර දෙන ලෙස මෙම වර්ජකයන්ගෙන් තමා ඉල්ලා සිටින බවත්, අධිවේගී මාර්ගයට යතුරු පැදි දමා යම් කිසි අනතුරක් සිදු වුවහොත් එම වගකීම භාර නොගන්නා බවද කියා සිටියේය.

රාජ්‍ය දේපළ අහිමි කරමින් මෙම පිරිස කරන තර්ජනය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇතැයිද, යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් ඊට විරුද්ධව ක්‍රියාකරන බවයි ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...

“Justice Mission 2025” දෙවන දිනය ආරම්භ කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය තායිවානය වටා...

භූමරංග රංග සහ පවිත්‍රට ඇති පවිත්‍ර කිරීමේ අභියෝග

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේ මහනුවර...