උඩරට මාර්ගයේ නාය යෑම නිසා අද බදුලු රාත්‍රී තැපැල් දුම්රියන් අවලංගු වෙයි!

Date:

කොළඹ LNW:මේ වන විට මධ්‍යම කඳුකරයේ පවතින අධික වර්ෂාව සමඟ උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක් කඳු නාය යෑම් නිසා අවස්ථා ගණනාවකදී දුම්රිය මාර්ගය අවහිර වීම සිදුවිය.

අද දින ඉදල්ගස්හින්න හා ඔහිය දුම්රිය ස්ථාන අතර පිහිටි අංක 31 දරණ බිංගෙය ආසන්නයේ කඳු ගැටයක කොටස අද උදෑසන 05 ට පමණ නාය යෑමෙන් දුම්රිය මාර්ගය අවහිර තිබුණි.

අවහිර වු මාර්ගයේ පස් ඉවත් කිරීමෙන් දුම්රිය ධාවනය නැවත ආරම්භ කල ද නැවත උදෑසන 10.30 ට පමණ එම ස්ථානයේම කොටසක් නාය යෑමට ලක්විය.

නැවත දහවල් 12.30 ට එම ස්ථානය නාග ගිය අතර, අද දින තුළ එකම ස්ථානයේ තුන් වරක් නාය යෑමකට ලක්ව තිබේ.

තවද හාලිඇළ හා දෙමෝදර අතර දුම්රිය මාර්ගයේ කොටසක් මේ වන විට නාය යෑමකට ලක්ව ඇත.

මේ හේතුවෙන් අද දින රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල හා බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියන් දෙක අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...