සදාකාලික උත්තර අපි ළඟ නෑ, ඒ ඒ මොහොතට අනුව වැඩ කරන්නේ – හාල් ගැන කියන ලාල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සහල් ආනයනය කිරීමේ පළමු පියවර වශයෙන් නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ඉන්දියාවෙන් ගෙන්වීමට ක්‍රියාකරන බවත් ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වෙළඳ අමාත්‍යාංශය ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන බවත් කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ප්‍රශ්නය – නැවතත් හාල් පිටරටින් ආනයනය කිරීමට සිදුවෙලා තියෙනවා දැන් ?

“නාඩු හිඟයක් වෙළඳපොලේ තියෙනවා, මිල පිළිබඳ ප්‍රශ්නයකුත් තියෙනවා. නමුත් නිෂ්පාදනය පැත්තෙන් බැලුවාම නාඩු අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය කරලා තියෙන බව බැලුවාම සහල් තියෙන්නට ඕනෙ, නමුත් වෙළඳපොලට ඇවිල්ලා නැහැ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම පිටරටින් හාල් ගේනවා, ඉන්දියාවෙන් ගේනවා. ඒ සම්බන්ධයෙන් අපි අමාත්‍යාංශ දෙක ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා ඊළඟ කැබිනට් රැස්වීමට”

ප්‍රශ්නය – අපේ දේශීය ගොවියාට ගැටලුවක් වෙන්නෙ නැද්ද මේක ?

“කාටවත් ගැටලුවක් වෙන්න අපි දෙන්නෙ නෑ. අපි ගොවියාගෙ ප්‍රශ්නෙත් විසඳනවා – ඒක අත්‍යාවශ්‍යයයි – පාරිභෝගිකයාගෙ ප්‍රශ්නෙත් විසඳනවා. අතරමැදියන්ට ගසාකන්න අපි ඉඩ තියන්නෙ නෑ”

ප්‍රශ්නය – මහාපරිමාණ මෝල් හිමියන් කීපදෙනෙක් මේක පාලනය කරනවා. ඒකට ගන්න පියවර මොකක්ද ?

“අපිට මහා පරිමාණ මෝල් හිමියොත් එක්කත් ප්‍රශ්නයක් නැහැ. නමුත් වෙළඳපොලේ හිඟයක් තියෙනවා නම්, හැබැයි නිෂ්පාදනය ඇවිල්ලාත් තියෙනවා නම් ඒගොල්ලො ළඟ තමයි මේවා තියෙන්න ඕනෙ. වෙන තියෙන්න තැනක් නැහැනෙ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම අපි පාරිභෝගිකයායි ගොවියායි ගැන හිතලා අවශ්‍ය පියවර ගන්නවා”

ප්‍රශ්නය – එතකොට ඉදිරියේදී හාල් අඩුවට ගන්න පුළුවන් වෙයිද ? නාඩු සහල් ?

“අනිවාර්යයෙන්ම. හිඟයක් නැතිව, දැනට ප්‍රකාශ කරලා තියෙන රජයේ මිලක් තියෙනවා ඒ මිලට අනුව වෙළඳපොලේ හාල් පවතින විදියට අපි වැඩකරනවා. උත්සව සමයට කිසිම හිඟයක් වෙන්න තියන්නෙ නෑ”

ප්‍රශ්නය – කොච්චර වගේ ප්‍රමාණයක්ද ගෙන්වන්න බලාපොරොත්තු වෙන්නෙ ?

“මෙට්‍රික් ටොන් 70,000 ක් විතර පළවෙනි පියවර හැටියට”

ප්‍රශ්නය – දැන් මේක දිගින් දිගටම මීළඟ වසරටත් හාල් ගෙන්වන්න වෙයිද ?

“අපි තත්වයට ගැලපෙන්න තමයි වැඩ කරන්නෙ. දැනට හිඟයක් තිබෙනවා, ඒක ඉතා පැහැදිලියි, ඒ හිඟයට මේක තමා උත්තරය. සදාකාලික උත්තර අපි ළඟ නෑ, අපි ඒ මොහොතට අවශ්‍යතාවයට අනුව වැඩ කරනවා. නමුත් අපි දැන් ඊළඟ මාස් කන්නය ආරම්භ වෙලා තියෙනවා. මේ මාස් කන්නයේදී අපි බලාපොරොත්තු වෙනවා ප්‍රමාණවත් නාඩු නිෂ්පාදනයක් කරගන්න පුළුවන් කියලා”

කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 22) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...