නව රජයේ ජන වරම, දුෂණයෙන් තොර ආර්ථික වර්ධනයක් සාක්ෂාත් කර ගැනීමයි – IMF

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ (LNW):

මහ බැංකු ශ්‍රවණාගාරයේදී අද(23) පෙරවරුවේ පැවති  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වැනි වාරිකය පිලිබද විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 330ක තුන්වැනි වාරිකය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දුත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් පවසයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ,කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අනුමැතිය සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමණාකාරිත්වයට සහ විධායක මණ්ඩලයට යොමු කල බවයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව මේ වසරේ ජුනි අවසානය වන තෙක් පැවති ඉලක්ක සැලකිය යුතු මට්ටමින් සමාලෝචනය කර ඇති අතර සැප්තැම්බර් වන විටත් වැඩසටහනේ කාර්ය සාධනය ශක්තිමත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහසයි.

අයි.එම්.එෆ්.නියෝජිතයින් මෙහිදි ප්‍රකාශ කළේ ,ඔක්තොම්බර් මාසයට පෙර බොහෝ ව්‍යුහාත්මක ඉල්කක ප්‍රමාදයකින් හෝ ක්‍රියාත්මක කර ඇති බවත්ය. ඔවුන් වැඩිදුරටත් පැවසුවේ දිළිදු සහ අසරණ ජනතාව ආරක්ෂා කිරිමේ වගකීම රජයට ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ නියෝජිතයින් එහිදි වැඩිදුරටත් කියා සිටියේ, නව රජයේ ජන වරම දුෂණයෙන් තොර , ආර්ථික වර්ධනයක් සාක්ෂාත් කර ගැනීම බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ග්‍රේටා තුන්බර්ග්” සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල බලධාරීන්ගේ පැහැරගැනීමකට නතු වූ බවට චෝදනා!

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමෙන්...

Cadge Bird වෙනුවෙන් ලංකාවට ආ රුවැත්තී “Varalaxmi Sarath Kumar”

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : "Cadge Bird" නැමති...

විපක්ෂ නායක ඇතුළු සජබ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකගේ හැසිරීමට විරෝධයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : විපක්ෂ නායක සජිත්...