භාර නොදුන් පාර්ලිමේන්තු නිල නිවාසවල ජලය හා විදුලිය අත්හිටුවීමේ තීරණයක්!

Date:

කොළඹ LNW:මේ වන තෙක් භාර දී නොමැති පාර්ලිමේන්තු නිල නිවාසවලට පෙර දැනුම්දීමකින් තොරව ජල හා විදුලි සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ තවමත් සිය නිල නිවාස ආපසු ලබාදී නොමැති බව සඳහන්.

ඊයේ (22) පස්වරුව වන විට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70කට අධික පිරිසක් සිය නිල නිවාස භාරදී ඇති බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය දැනුම් දී තිබුණි.

එම නිවාසවල තවමත් රැඳී සිටින මන්ත්‍රීවරුන් අතරින් මන්ත්‍රීවරුන් 26 දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට යළි තේරී පත්ව සිටින අතර නව අමාත්‍යවරුන් 35 දෙනෙකුට වැඩි පිරිසක් නව නිල නිවාස සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවද පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පහර දීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවක්!(PHOTOS)

කොළඹ LNW:ජනවාරි 29 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්...