භාර නොදුන් පාර්ලිමේන්තු නිල නිවාසවල ජලය හා විදුලිය අත්හිටුවීමේ තීරණයක්!

Date:

කොළඹ LNW:මේ වන තෙක් භාර දී නොමැති පාර්ලිමේන්තු නිල නිවාසවලට පෙර දැනුම්දීමකින් තොරව ජල හා විදුලි සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ තවමත් සිය නිල නිවාස ආපසු ලබාදී නොමැති බව සඳහන්.

ඊයේ (22) පස්වරුව වන විට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70කට අධික පිරිසක් සිය නිල නිවාස භාරදී ඇති බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය දැනුම් දී තිබුණි.

එම නිවාසවල තවමත් රැඳී සිටින මන්ත්‍රීවරුන් අතරින් මන්ත්‍රීවරුන් 26 දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට යළි තේරී පත්ව සිටින අතර නව අමාත්‍යවරුන් 35 දෙනෙකුට වැඩි පිරිසක් නව නිල නිවාස සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවද පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රශ්මිකාගේ ශ්‍රී ලංකා සංචාරය, ඇගේ විවාහයේ bachelorette පාර්ටියට ද?

සටහන – පුලී දෙසැම්බර් 17, කොළඹ (LNW):  The Animal මෙන්ම මෑත...

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...