නුගේගොඩ ….

Date:

ලංකාවේ දේශපාලන භූමියේ හැසිරීම ගැන යම් තරමක හරි සෙන්ස් එකක් තියෙන කෙනෙක්ට 21 නුගේගොඩ රැස්වීම කියන්නේ පුදුම වෙන්න කරුණක් නෙවෙයි. කොහොමත් මේ මොහොතේ ලංකාව ආර්ථික සමාජීය වශයෙන් ඔසවා තැබීමේ දැවැන්ත වැඩපිළිවෙලක් අතේ නැතුව ඉන්න සහ කටේ නරිවාදම අඩුවක් නැති මාලිමාවට විරෝධයක් දක්වන්න සෑහෙන පමණ මිනිස්සු ටිකක් ඊයේ ඇවිල්ල හිටිය. නමුත් ඒක ලංකාවේ අපි දැක්ක ලොකුම රැළි වලින් එකක් නම් නෙවෙයි. ඒ උනාට ආරම්භයක් ලෙස ඊයේ ඒකාබද්ධ විපක්ෂය සාර්ථකයි.

නාමල් හිට් වෙන එක අපි කොහොමත් දැනගෙන හිටිය. සාපේක්ෂ වශයෙන් ඒකත් සිදුඋණා. හැබැයි හරීන් හිට් වීම එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් වැදගත් වෙන්න ඇති. නාමල් දිහා බලාගෙන හරින් තවත් පරිණත වෙන්න ඕනි. පරිණත තරුණ නායකත්ව පෙළක් නිර්මාණය වීම ලංකාව පැත්තෙන් වැදගත්. විශේෂයෙන් යුද්ධය එක්ක සෑහෙන නායකයින් ප්‍රමාණයක් එජාපය නැති කර ගැනීම එක්ක.

පොහොට්ටුව ග්‍රවුන්ඩ් සීරෝ ඉඳල මේ වෙද්දී සෑහෙන පමණින් එයාලගේ මුල් චන්ද පදනමට කතාකරලා තියෙනවා. ඊයේ ආපු ගොඩක් අය පොහොට්ටු ලක්ෂණ සහිත අය. නැටුම් ගැයුම් සහ නැටුම් තෙල් එක්ක ගත්තම ඒවා ඔර්ජිනල් චන්ද. ඒක තමයි මම හිතන්නේ ලොකුම ජයග්‍රහණය. ඒ සෙට් එක බය නැතුව බැස්ස කියන්නේ ආයේ මුකුත් ඕනි නැහැ නාමල්ට.

දේශපාලනයේ ඇත්ත (අමු) මිනිස්සු තමයි ඒ පොහොට්ටුව වෙත ඇදිල එන්නේ. එයාල වෙනුවෙන් දේශපාලන වේදිකාවක් නිර්මාණය කිරීම පොහොට්ටුව කරපු වැදගත් වැඩක්. ඒ ඔස්සේ ඔවුන්ට පිරිපහදු (refine) වෙන්න පුළුවන්.

ඊයේ වෙද්දිත් මාලිමාවේ ‘ප්‍රබුද්ධ දේශපාලනය’ කවදාහරි තමන්ගේ කරගන්න සිහින දකින සජිත්ගේ සජබ තමන්ගේ ස්ථානය ලකුණු කරගැනීමේ අනන්‍යතා අර්බුදයක ඉන්නවා. පොහොට්ටුව ඒ දෘෂ්ටිවාදයේ අහුවෙන්නේ නැතුව තමන්ගේ ඇත්ත ඔර්ජිනල් බේස් එකට කතාකරනවා. එජාපය දක්ෂ ආකාරයෙන් පොහොට්ටුව හරහා යනවා. ඒ කපල් වීම දෙගොල්ලන්ටම හොඳයි.

ඇත්තටම ගම්මාන ඇතුලේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා – පොහොට්ටු පසුබිමක් සහිත අය. එයාල තමයි ඔය නටමින් කොළඹ එන්නේ….එයාල ජේවීපී නෙවෙයි කිසිසේත්. ඇත්තටම රෝසමල තියෙන්නේ එතන.

යහපාලනයට එරෙහිව පොහොට්ටුව එළියට බැස්ස වගේම දෙයක් ඊයෙත් සිද්ද උනේ. හැබැයි දැන් ඉස්සර කට්ටියම නෙවෙයි ඉන්නේ. ප්ලේයස්ල වෙනස් වෙලා.

ඉතිහාසය නැවත වටයකින් එහෙමම වගේ සිද්ද වෙන්නයි යන්නේ කියල හිතෙනවා.

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිකුත් කිරීම නතර කර තිබූ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : දිගු කාලයක සිට...

බස් ගාස්තුවේ ඉතිරි මුදල් ලබා නොදීමට හොඳම විසඳුම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : හෙට (24)...

රට මැද සහ අගනුවර යා කරන කොඳු ඇට පේළිය ; කඩුගන්නාව බේරා ගනිව් !

හරියටම මීට අවුරුදු හතරකට කලින් පහළ කඩුගන්නාවේ, අම්බලම පසු...

වැසි තත්වයේ වෙනසක් – අද (23) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය...