බස් ගාස්තුවේ ඉතිරි මුදල් ලබා නොදීමට හොඳම විසඳුම!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW :

හෙට (24) සිට බැංකු කාඩ්පතින් බස් රථයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර, මෙහි සමාරම්භක වැඩසටහන හෙට පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සිදු කිරීමට නියමිත බව සඳහන් වේ.

ඒ අනුව ඩිජිටල් අමාත්‍යාංශ සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මෙහෙයවන මෙම වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ බස් ගාස්තු ලබා දුන් පසු ඉතිරි මුදල් ලබා නොදීම විශාල ගැටලුවක් ව තිබූ බවත් එයට විසඳුමක් ලෙස මෙසේ බැංකු කාඩ්පතක් හරහා බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමය හඳුන්වා දෙන බවය.

අමාත්‍යවරයා එහිදී පැවසුවේ, බස් රථයේ මගී ප්‍රවේශපත්‍රයෙන් වංචා දූෂණ රැසක් සිදුවන බවත්, මේ හේතුව මත බස් රථයේ ප්‍රවේශපත්‍ර බැංකු කාඩ් මගින් ගෙවීමට අවස්ථාව සලසා දෙන ලෙස විශාල ඉල්ලීමක්ද ලැබුණු බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...