සාධාරණ විවේචන පිළිඅරන් වැරදි නිවැරදි කරගන්න සූදානම් – අගමැති

Date:

විපක්ෂය විසින් ගෙන එන සාධාරණ විවේචන පිළිගෙන වැරදි නිවැරදි කරගැනීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

විපක්ෂය විසින් ගෙන එන සමහර විවේචන සාධාරණ නොවුණත් සාධාරණ විවේචන වලට සවන් දීමට සූදානම් බවයි මෙහිදී අගමැතිවරයා සඳහන් කළේ.

 ”මේ අවස්ථාවේ අපි කටයුතු කරන්නේ කොවිඩ් නිසා වැටුණු ආර්ථිකය  ගොඩගන්න. ඒ නිසා තමයි මුදල් ඇමතිතුමා කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් ඇතුළත් අයවැයක් මෙවර ඉදිරිපත් කළේ. ජනතාවගේ පැත්තෙන් සිදුවන ආර්ථික සහ සමාජීය සංවර්ධනයත් රටට අවශ්‍යයි. මේ අසීරු අවස්ථාවේ ඒ අයට නැගිටින්න පුළුවන් ආර්ථිකයක් ගොඩනගන එක තමයි අපේ බලාපොරොත්තුව. 2019 දී අපි භාරගත්තේ කඩා වැටුණු ආර්ථිකයක්. ඒ ආර්ථිකය ඔසවන්න තියෙනවා. සුපුරුදු පරිදි තම තමන්ගේ දේශපාලනය වෙනුවෙන් වාද විවාද කරනවා අපි දැක්කා. විරුද්ධ පක්ෂයේ ඉදිරිපත් කරන යම් සාධනීය අදහස් වලටත් අපි සවන් දෙනවා. අපි මේ වෙලාවේ සාමූහිකව රටේ අනාගත වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතුයි. ජනතාව වෙනුවෙන් ඒ යුතුකම ඉටුකරන්න මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට හැකියාව තිබෙනවා.

අපි ජනතාවට පොරොන්දුවක් දුන්නොත් එය ඉටු කළ යුතුයි. වසර 25කට ආසන්න කාලයක් නොවිසදුණු ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳන්න අපි කටයුතු කරමින් පවතිනවා. මෙවර අයවැයෙන් අධ්‍යාපන සඳහා වැඩිම මුදල් වෙන්කර තිබෙනවා. ”

ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි හැම තීන්දුවක්ම නිසි වෙලාවට ගත් බවද මෙහිදී සිහිපත් කරන බව රාජපක්ෂ මහතා කියාසිටියේය.

මේ අතර රහසිගතව කිසිදු දෙයක් සිදුනොකරන බවයි හෙතෙම අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...