රසායනික පොහොර ගෙන්නනවද ගෙන්නන්නෙ නැද්ද ? එක එක ඇමතිවරු කියන්නෙ එක එක දේවල් !

Date:

රසායනික පොහොර තහනම් කිරීමට ආණ්ඩුව ගත් තීරණය හේතුවෙන් බරපතල අර්බුදයකට මැදිව සිටි ගොවි ජනතාව දැක්වූ විරෝධය හේතුවෙන් මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය රසායනික පොහොර ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට ආණ්ඩුවට සිදු වූ බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා.

කෙසේ නමුත් පොහොර ආනයනය සම්බන්ධයෙන් මැති ඇමතිවරුන්, රාජ්‍ය නිළධාරීන් එකිනෙකට වෙනස් මත ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් ගොවි ජනතාව විශාල ගැටලුවකට මුහුණ දී සිටින බවද ජයසූරිය මහතා සඳහන් කරනවා. එක් රජයක පාර්ශ්ව කිහිපයක් එකම කරුණ සම්බන්ධයෙන් මත කිහිපයක් ඉදිරිපත් කිරීම යහපත් රාජ්‍ය පාලනයකට ඉතා අහිතකර බව ඔහු පෙන්වා දෙනවා.

දැන් හෝ රසායනික පොහොර ආනයනය සඳහා අවසර ලබාදීම යහපත් වන නමුත් මේ වනවිටත් ගොවීන් සැළකිය යුතු ප්‍රමාණයක් අගතියට පත්ව ඇති බවත්, එම අගතිය වෙනුවෙන් සාධාරණ වන්දියක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...