තේ පොහොර සහනාධාරයක්?

Date:

මේ වන විට තේ කර්මාන්තය අර්බුදයකට ලක්ව ඇති හෙයින් තේ පොහොර සඳහා සහනාධාර ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

වීරසුමන මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කර තිබෙන්නේ වැවිලි කටයුතු පිළිබද අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

මෙහිදී අදහස් දක්වා තිබෙන වීරසුමන මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ පොහොර ප්‍රමාණවත් නොවීමේ අර්බුදය නිසා කුඩා තේ වතු හිමියන් දැඩි අපහසුතාවයට පත්වී ඇති බවයි. ඊට පිළිතුරු දෙමින් විෂයභාර අමාත්‍යවරයා පවසා ඇත්තේ එම සහනාධාරය ලබා දීමට කඩිනමින් කටයුතු කරන බවයි.

ලංකාවේ වැඩිම තේ ඵලදාව වාර්තා වී ඇත්තේ 2013 වර්ෂයේ බවත් එම වර්ෂය තේ පොහොර ගෙන්වීම අවම මට්ටමක පැවති බවත් මෙහිදී රමේෂ් පතිරණ මහතා පවසා තිබේ. නමුත් 2020 වසරේ වැඩිම තේ පොහොර ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති බවත් ඊට සාපේක්ෂව ඵලදාව වැඩි වී නොමැති බවත් විශේෂයෙන් ලෝක වෙළඳපොලේ පොහොර මිළ දෙගුණයකින් පමණ අද වන විට වැඩි වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම කුරුදු,ගම්මිරිස් වැනි සුළු අපනයන බෝගවල මිල 2020 වර්ෂයට සාපේක්ෂව මේ වන විට විශාල වශයෙන් වැඩි වී ඇති අතර ඊට සාපේක්ෂව තේ මිල වැඩි වී නැති බව වීරසිංහ මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

විශේෂයෙන් මෙම තත්ත්වය නිසා කුඩා පරිමාණ තේ වතු හිමියන් දැඩි අර්බුදයකට පත් වී ඇති බවයි මන්ත්‍රීවරයා පවසා ඇත්තේ.  මෙම කාරණය සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.  

තවද මාතර දිස්ත්‍රික්කයේ ඇති කළ නිල්වලා යෝජනා ක්‍රමය හේතුවෙන් කුඹුරු අක්කර 15000 ක් පමණ පුරන් වී ඇති බවද එම පුරන් වී ඇති කුඹුරු ප්‍රදේශවල පොල් වගා කිරිම පිළිබඳ අවධානය යොමුකොට කටයුතු කරන ලෙසද වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා මෙහිදී අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.  

 ASK 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...