සටහන – රුවන් නෙළුගොල්ල
2026 ඔක්තෝබර් මාසයේදී මෙරට ජාතික උද්ධමනය 8.5%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
මෙම අගය 2026 සැප්තැම්බර් මාසයේදී පැවතියේ 8.1%ක් වශයෙනි.
එහිදී පසුගිය සැප්තැම්බර් මාසයේ 6.9%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය 2026 ඔක්තෝබර් මාසයේදී 7.2%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම 2026 සැප්තැම්බර් මාසයේ දී 9.1%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය 2026 ඔක්තෝබර් මාසයේ දී 9.5% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.


