ඉසුරු බණ්ඩාර සහ දයාසිරිගේ දුරකථන හඬපටය ගැන බන්ධනාගාරයෙන් පැහැදිලි කිරීමක්

Date:

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින තිලිණි ප්‍රියමාලිගේ සහකරු වන ඉසුරු බණ්ඩාර නමැත්තා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අතර සිදුවූ බව කියන දුරකථන සංවාදයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මෙම හඬපටය සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඒ අනුව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ඉසුරු බණ්ඩාර රඳවා සිටින සිරමැදිරිය සෝදිසි කර ඇති අතර එහිදී ජංගම දුරකථනයක් හෝ වෙනත් නීතිවිරෝධී කිසිවක් හමුවී නොමැති බවයි.

මෙම සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් 2022.10.19 දින රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ඔහු මේ වනවිට නව මැගසින් බන්ධනාගාරයෙහි රඳවා සිටී.

සැකකරු රඳවා සිටින විශේෂ සිරමැදිරිය බන්ධනාගාර නිලධාරීන් යොදවා පරීක්ෂා කිරීමේදී කිසිදු දුරකථනයක් හමුවී නැති අතර සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව කිසිදු අවස්ථාව ඔහුව බැලීමට දයාසිරි ජයසේකර මහතා බන්ධනාගාරයට පැමිණ නොමැති යැයි බන්ධනාගාර අධිකාරීවරයා වාර්තා කර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

එසේම අදාළ හඬපටය සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර එහිදී සැකකරු මෙම දුරකථන ඇමතුම පිළිබඳ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් ද සිදුකෙරෙන බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...