අධ්‍යාපන අමාත්‍යාංශය වාර්තාවක් කැදවයි…

Date:

පාසල් ගුරුවරියන් කිහිපදෙනෙකු සාරිය හා ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසි පාසල්වලට පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ගුරු වෘත්තියේ ගෞරවය ආරක්ෂා වන අන්දමින් සම්ප්‍රදායිකව ගුරුවරියන් හා ගුරුවරුන් පාසල් පැමිණීමේදී අඳින ලද පිළිවෙළ මෙම ගුරුවරියන් විසින් මග හැරියේ ඇයි ද යන්න මෙහිදී සොයා බලන බවය.

ඒ සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අදාල පාසල්වල විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබාදුන් බව ද අමාත්‍යාංශ නිලධාරියා ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ, සිසුන් ඉදිරියේ ගුරු භූමිකාවේ ගෞරවය ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමට සෑම ගුරුවරයෙකුට වගකීමක් පවතින බවයි.

එසේ තිබියදී තමන්ට රිසි ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමට හැකියාවක් නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

රෂිකා හෙන්නායක
2022.11.22

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීකි බ්ලයින්ඩර්ස් වලින් ආභාෂය ලත් ඇඳුම් ඇඳීමෙන් ඇෆ්ගන් කොල්ලො ටිකකට තලේබාන් රජයෙන් නියෝගත් ලැබිලා!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): "පීකි බ්ලයින්ඩර්ස්" රූපවාහිනී...

කැන්ගරු පිටේ නැඟුණු සිංහයෝ ජෝඩුව සිංහයන්ට එරෙහිව එති

නිශ්මං රණසිංහ දෙසැම්බර් 12, කොළඹ LNW: එළැඹෙන අවුරුදු 19 න්...

පැරා තව ලෙලදිය යුතු අඩකුඹු ධජයකි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 12, කොළඹ LNW: මේ දිනවල ආසියානු යොවුන්...