යුක්රේනයේ ග්‍රේ ඊගල් ඉල්ලීම බයිඩන් ප්‍රතික්ෂේප කරයි.

Date:

රුසියාව විසින් ඩ්‍රෝන යානා හරහා නිරන්තරව යුක්රේනයේ සිවිල් හා යටිතල පහසුකම් වලට පහර දෙන බැවින්, යුක්රේනය එක්සත් ජනපදයට දැඩි ලෙස ආයාචනා කර ඇත්තේ මාරාන්තික ග්‍රේ ඊගල් ඩ්‍රෝන යානා ලබා දෙන ලෙසයි.

ග්‍රේ ඊගල් මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයට අයත් මාරාන්තිකම ඩ්‍රෝන ප්‍රහාරක යානාවක් වන අතර එය මීටර් 8,800 (අඩි 29,000) ක සිට පැය 24 කට වඩා පියාසර කළ හැකිය.

නමුත් මේ සම්බන්ධයෙන් බයිඩන් විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂප කර ඇති අතර එක්සත් ජනපද සෙනෙට් සභිකයින් 16 දෙනෙකුගෙන් යුත් ද්විපාර්ශ්වික කණ්ඩායමක් විසින් යුක්රේනයේ කළ ඉල්ලීම ප්‍රවේශමෙන් නැවත සලකා බලන ලෙස බිඩෙන් පරිපාලනයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම යුක්රේනයේ සටනට ඩ්‍රෝන යානය සුදුසු නොවන බව පෙන්ටගනය විශ්වාස කළේ මන්දැයි පැහැදිලි කිරීමට ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්ට නොවැම්බර් 30දක්වා කල් ලබා දී ඇත.

යුක්රේනයේ බලශක්ති යටිතල ව්‍යුහයෙන් අඩක් රුසියානු ප්‍රහාරවලින් හානි වී ඇති අතර, ශීත කාලය ආරම්භ වන විට මිලියන සංඛ්‍යාත ජනතාවකට විදුලිය හා ජලය නොමැතිව සිටින බව යුක්රේන ජනාධිපති ප්‍රකාශ කළ අතර ඔහු දිගින් දිගටම ඇමරිකාවෙන් යුධ සහය අපේක්ෂා කර තිබේ.

මේත් සමඟ ක්‍රිමියාවේ ණ්ඩුකාර මිහායිල් රස්වොෂෙව් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ඔීනෑම ඩ්‍රෝන යානාවක් බිම හෙලීමට රුසියාවේ සියලුම හමුදා සහ සේවාවන් සීරුවෙන් තබා ඇති බවයි.

සශිකලා මධුෂාණි_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...