ත්‍රස්ත පනත යටතේ රඳවාගෙන සිටි ගල්වැව සිරිධම්ම හිමියන්ට ඇප

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන සිටි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරිකයකු වන ගල්වැව සිරිධම්ම හිමියන්ට ඇප නියම කර ඇති බව වාර්තා වේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (23) කැඳවූ මෝසමකින් අනතුරුව මෙසේ එහිමියන්ට ඇප නියම කර ඇති බව සඳහන්.

ඒ අනුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත එහිමියන්ව මුදා හැරීමට නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය එහිමියන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පැනවූ අතර සෑම මසකම අවසන් ඉරුදින ත්‍රස්ත මර්දන කාර්යාංශයට වාර්තා කළ යුතු බවටත් ඇප කොන්දේසියක් ද පනවනු ලැබීය.

පසුගිය දිනවල පැවති දේශපාලන අරගලයට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් සිරිධම්ම හිමි ඇතුළු තිදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගැනුණු අතර එයින් එක් ශි‍ෂ්‍යයකු මීට පෙරම නිදහස් කරන ලදී. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවමත් බන්ධනාගාරගත කර සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...