තහනම අත්හිට වූ එකක්නම් චාමිකට ගහන්න පුළුවන් – ක්‍රීඩා ඇමතිගෙන් චාමික ගැන ක්‍රිකට් ආයතනයට ලිපියක්

Date:

චාමික කරුණාරත්න ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලියෙන් ඉවත් කළේ විනය කටයුත්තක් නොවන නිසා බවත්,දක්ෂතා හීනවීම නිසා බවත් කී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන් ඔහුට එරෙහිව වසරකට අත්හිටවූ දඬුවමක් පනවා ඇත.නමුත් ඔහු සහභාගි වූ අවසාන එක්දින තරගයේදීත් තරගයේ වීරයා සම්මානය දිනා ගත් අතර සහභාගි වූ අවසාන තරගාවලියේදී ද ප්‍රබල ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගාවලි ජයක් ලබන්නට පිත්තෙන් සහ පන්දුවෙන් ඉහළ දක්ෂතා දැක්වීය.

ඒ අනුව දක්ෂතා සම්බන්ධයෙන් එක්දින තරග ආශ්‍රිත තොරතුරු ගත් විට ඔහු ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙකු බැවින් දක්ෂතා හීනවීම නිසා කණ්ඩායමෙන් ඉවත් කළ බව කීම පිළිගත හැකි තර්කයක් නොවේය.එසේම පනවා ඇති තහනමද අත්හිටවූ එකක්නම්,එය ක්‍රියාත්මක වීම වසරක කාලයක් පුරා සිඳුවන ඔහුගේ හැසිරීම් අනුව තීරණය කළ යුතු එකකි.මීට පෙර ද අත්හිටවූ දඬුවම් සහිතව ක්‍රීඩකයන් තරග සඳහා සහභාගි කර ඇති බැවින්,එසේ ක්‍රීඩා කරන්නට ඉඩ දීම අරුම පුදුම තීරණයක් ද නොවන්නේය.

මේ කාරණාව පදනම් කරගෙන ක්‍රීඩා අමාත්‍යවරයා චාමික කරුණාරත්න කණ්ඩායමට නොතේරීම සම්බන්ධයෙන් මේ වන විටත් ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසා ඇත.මේ මොහොත වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන්,අමාත්‍යංශ ප්‍රධානීන් සහ ජාතික ක්‍රීඩා සමාජ සාමාජිකයන් ද එක්ව මේ ගැන සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍යංශයේ පැවත්වෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ තෝරා ඇති කණ්ඩායම තේරීම් කමිටුවේ සියලු සාමාජිකයන්ගේ එකඟතාවය නැතුව තේරූ කණ්ඩායමක් යන්නද මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත චෝදනාවක් ලෙස එල්ල වී ඇති බවය.

එසේම ශාරිරික යෝග්‍යතාවය ක්‍රීඩාව සඳහා අනිවාර්ය බවට තර්කය ගොඩ නැඟුවේ ක්‍රිකට් බවත්,නමුත් මෙම කණ්ඩායම එවැනි යෝග්‍යතාවය සම්බන්ධ පරික්ෂාවකට ලක් කර නැති බවට වන චෝදනාවට ද,මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පිළිතුරු බැදීමට වෙන බවද එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.

කෙසේ හෝ මේ සම්බන්ධයෙන් හෙට අනිවාර්යයෙන් තීරණයක් ගත යුතු අතර,25 වන දා තරගාවලිය ආරම්භ වේ.කාලය මෙතෙක් ගෙවෙන තෙක් සියල්ල පමා කිරීමෙන් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දක්ෂතා සම්බන්ධයෙන් ගැටළුවක් ඇති විය හැකිය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...