පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳව චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් ප්‍රකාශයක්..

Date:

පියාගේ පක්ෂය යන අදහසටත් වඩා ශ්‍රී ලංකා නිදහ්ස් පක්ෂය ජනතාවගේ පක්ෂය බවත්, අස්කිරීමක් නොව පක්ෂ සාමාජිකත්වය අත්හිටුවායැයි දැන ගන්නට ලැබුණු බව ඇය පවසයි. වර්තමානයේ සිටින ලේකම් හා සභාපති යන තනතුරු වල යෙදෙන අය සාමාන්‍ය පක්ෂයක කටයුතු කරන ආකාරයටවත් කිරීමට නොදන්නා බව ඇය කියයි. මන්ද, නිදහසට කරුණු අසමින් විනය කඩකිරීම් සිදු වූයේ නම් ඒ පිළිබඳව ප්‍රශ්න කර ලිඛිතව එවීමට ඔවුන්ට හැකි නමුත් මේ වන තුරුත් ලිඛිතව හෝ වාචිකව දන්වා නොමැති බව ඇය පවසයි.

ඇය වැඩි දුරටත් පවසා සිටියේ, ඇය මේ සම්බන්ධයෙන් කළ වැරැද්ද ඇයවත් නොදන්නා බවත් තමා දැන හෝ නොදැන පක්ෂයට කිසියම් වැරැද්දක් හානියක් සිදුකර නොමැති බවයි. දෙතුන් වතාවක් පක්ෂය වැටී තිබියදී තම ජීවිතය පරදුවට තබා බලයට ගෙනවිත් සියල්ලන්ටම තම කටයුතු සිදු කර ගැනීමට ද අවස්තාව සැලසූ බවයි.

ඇය වැඩිදුරටත් පැවසුවේ ඇය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි මැති ඇමතිවරු සහ පක්ෂ ප්‍රධාන ලේකම් වරු දෙදෙනගේද සාමාජිකත්වය අත්හිටුවා ඇති බවයි.

ඇයට මෙය එතරම් ප්‍රශ්නයක් නොවන බවත් , පක්ෂයේ යාවජීව අනුශාසක සිරිසේන මහතා විසින් පක්ෂයට උපදෙස් දී තිබුණේ පක්ෂයේ කිසිම කටයුත්තක් සඳහා ඇයට ආරාධනා නොකරන ලෙසටත්, හැකි තරම් පක්ෂයෙන් ඇයව ඈත් කර තැබූ බවටත් ඇය පවසයි.

කෙසේ වෙතත් පක්ෂයේ ජනතාව ජනතාවගෙන් බහුතරයක් ඇය සමඟ සිටින බව ඇය පවසයි . ඒ සඳහා ඇති බය නිසාවෙන් මෙය සිදු කර ඇති බව ඇගේ මතයයි. පසුගිය වසර පහ පුරාවට ආරාධනා නොකලාට , එන්නේ නැහැ යි කියමින් බොරු ගොතා කිව්වත් , ඕනෑම අවස්ථාවක ගම්මානයකට ගියහොත් මිනිසුන් ඇය වටකරගෙන “”ඇයි මැඩම් එන්නේ නැත්තේ, එන්න අපිට උදව් කරන්න” යැයි ජනතාව පවසන බව ඇය කියයි.

සිරිසේන මහතා සහ දයාසිරි මහතා යන පුද්ගලයන් සමඟ කටයුතු කිරීමට නොහැකි වුවත් ඇය තවදුරටත් පක්ෂයේ පාක්ෂිකයන් සමග ගෙවූ කාලය පුරාවටම කටයුතු කළ බවත් , ඇගේ ගම් ප්‍රදේශයේ , දිස්ත්‍රික්කයේ පාක්ෂිකයන් සමග ඇය ඉදිරියටත් වැඩ කරන බව වැඩිදුරටත් පැවසීය.

එනිසා එය විශාල ප්‍රශ්නයක් නොවුන නමුත් ඇය පවසන්නේ මෙම උතුම් පක්ෂය සිරිසේන මහතා විසින් විනාශ කරන ආකාරය දැකීමට සිදු වීම ඉතා කනගාටුදායක බවය. මේ වන විට පක්ෂය තුළ සිටි ජේෂ්ඨයන් සියල්ලම ඉවත් කර ඇති බවත් වර්තමානයේ දී පක්ෂයේ කිසිවෙකුත් නොමැති බවත් ඇය ඉතා කණගාටුවෙන් පවසන පවසයි .

රෂිකා හෙන්නායක
2022.11.23

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිතිගොල්ලෑවේ බලය සමගි ජන බලවේගයට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට...

පොරොන්දු වූ අභිචෝදක සහ එම කාර්යාලය කෝ ? කාදිනල් හිමි ප්‍රශ්න කරයි!

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ පරිදි...

යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය...