සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ලබන මස පළමු වැනි (12/01) දින සිට ක්‍රියාත්මක වන පරිදි , විදේශීය චිත්‍රපට මහජන ප්‍රදර්ශනය සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබාගැනීමේ අයඳුම් කිරීමේ ගාස්තුව සංශෝධනය කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව දන්වා සිටී.
මෙරට තුළ විදේශීය චිත්‍රපටියක් ප්‍රදර්ශනය කිරීම සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබා ගැනීමට අයඳුම්පත්‍රයක් භාරදීමේ දී මීට පෙර රුපියල් 40,000ක මුදලක් ගාස්තු වශයෙන් අයකරනු ලැබූ අතර, නව සංශෝධනයට අනුව එම මුදල රුපියල් 30,000 දක්වා අඩු කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශය කියා සිටී.
තවද, ප්‍රසිද්ධ රැඟුම් පාලක පනත ප්‍රසිද්ධ රැඟුම් පාලන ආඥා පනත ලෙස සංශෝධනය කිරීමට ද ජනමාධ්‍ය අමාත්‍යාංශය ක්‍රියා කර ඇති බව සඳහන් කරයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??