උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නැවත දැනුම් දෙන තුරු නානුඔය දක්වා සීමා වේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇළ, උඩුවර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය ආසන්නයේ නායයෑමක් සිදුව ඇත.

මේ අතර, උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය නැවත දැනුම්දෙන තුරු නානුඔය දක්වා සීමා කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ , පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දුම්රිය මාර්ගයට ගල් පෙරළීම් සහ පස් කදු කඩා වැටීම් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති බවයි.

මේ අතර පවතින වැසි සහිත කාලගුණයත් සමග පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය බලංගොඩ සමනලවැව හල්පේ ප්‍රදේශයෙන් අවහිර වී ඇති අතර, එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා වී ඇති බව පොලීසිය නිවේදනය කරයි.

පසු කඳු කඩා වැටීම හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ, ඉඹුල්පේ ප්‍රදේශයෙන් සහ සීලගම ප්‍රදේශයෙන් ද අවහිර වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වන අතර එම මාර්ග භාවිතා කරන්නන් සැලකිලිමත් වන ලෙසද දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...