UPDATE: රේන්බෝ පාලම ආශ්‍රිත පිපිරීම: ත්‍රස්ත ක්‍රියාවලට සාක්ෂියක් නැහැ!

ඉසුරු පරාක්‍රම

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නයගරා ඇල්ලේ අසළ එක්සත් ජනපදය හා කැනඩාව සම්බන්ධ කරන රේන්බෝ පාලමේ එක්සත් ජනපදය තුළ හටගත් පිපිරීම ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බව නිව් යෝර්ක් ආණ්ඩුකාර කැතී හෝචුල් පවසයි.

මෙම පිපිරීම හටගත්තේ දේශසීමා මුරපොලක් දෙසට වේගයෙන් පැමිණි වාහනයක්, කුටියක වැදී පුපුරා යාම සහ ගුවනින් විසි වී යාම සමඟ ය.

රියදුරු සහ එම රථයේ ගමන්ගත් මගියා ඉන් ජීවිතක්ෂයට පත් වූ අතර මුරපොලේ සිටි එක් නිලධාරියකු තුවාල ලබා ඇත.

මෙම සිදුවීම ආශ්‍රිතව විමර්ශන සිදුවෙමින් පවතින අතර දේදුනු පාලම වසා ඇත.

ත්‍රස්තවාදය හෝ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැති අතර, මේ පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ දේශසීමා හරස් මාර්ගවල ආරක්ෂක විධිවිධාන තර කර තිබේ.

එක්සත් ජනපදයේ ස්වදේශීය ආරක්ෂාව පිළිබඳ ලේකම් ඇලෙහන්ද්‍රෝ මෙයොක්‍රාස් ද මෙම සිද්ධිය ත්‍රස්තවාදයට සම්බන්ධ බවක් නොපෙනෙන බව අවධාරණය කළේය.

සබැඳි පුවත්:

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...