අතුරු කමිටු ගැන ක්‍රීඩා සංගම් දැනුවත් කිරීමේ බලය කැබිනට් මණ්ඩල ලේකම්ට

Date:

නව ක්‍රීඩා පණත සම්මත වන තෙක්,ක්‍රීඩා සංගමයක් වෙනුවට අතුරු කමිටුවක් නම් කරන්නේනම් එම තීරණය කැබිනට් මණ්ඩල ලේකම්වරයා විසින් අදාළ ක්‍රීඩා සංගමය වෙත දැණුම් දිය යුතු බවට කැබිනට් මණ්ඩලය විසින් නොවැම්බර් 22 දා තීරණය කර තිබෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ හෙළි වෙයි.
වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා ගනු ලැබූ තීරණ නිසා රටට ජාත්‍යන්තර සංගම් හරහා උපකාර ලැබෙන ප්‍රධාන ක්‍රීඩා තුනක්ම ජාත්‍යන්තර සංගම්වලින් තහනම් කිරීමට ලක් වී ඇති බව මෙම තීරණය ගැනීමේදී කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු වී තිබූ බව එම අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ වන විට වැදගත් සහ රහස්‍යමය ලියවිල්ලක් ලෙස එම තීරණ සහිත නිවේදනය ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාට යොමු කර තිබේ.මෙහිදී ක්‍රිඩා අමාතවරයාට අතුරු කමිටු සම්බන්ධ තීරණ ගැනීම ගැන කැබිනට් මණ්ඩලය දැනුවත් කළ යුතු බවට ද මෙහිදී යෝජනා විය.
එසේම එහිදී අදාළ ජාතික ක්‍රීඩා සංගමයට අදාළව උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා ගැනීම,එම වාර්තාව පදනම් කරගෙන ක1ියා කළ යුතු ආකාරය ගැන නීතිපතිගෙන් උපදෙස් ලබා ගැනීම සහ එම තත්ත්වයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් දැනුවත් කිරීම ද මෙහිදී අදාළ තීරණ ගැනීමේ නව ක්‍රියා පටිපාටිය හරහා සිදු කළ යුතු කරුණු බවට කැබිවට් මණ්ඩලය විසින් තීරණය කළ බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග සහතික කළේය.

නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mazagon Dockසමාගම කොළඹ ඩොක්යාර්ඩ් හි 41.73% ක කොටස් කොටස් හිමිකාරිත්වයක් අත්පත් කරගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ඉන්දියාවේ Mazagon Dock...

2026 ලෝක ආර්ථික සමුළුවේදී කැනේඩියානු අග්‍රාමාත්‍ය Mark Carneyගෙන් තීරණාත්මක දේශනයක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 ලෝක...

ආණ්ඩුව හදන්නේ නීතිපති සහ අධිකරණය බියවද්දන්න – නාමල්ගෙන් චෝදනා

කොළඹ LNW:මේ ආණ්ඩුව නීතිපතිවරයා හා අධිකරණ පද්ධතිය බිය ගැන්වීමට...

නීතිපතිට එරෙහි විරෝධය අලුත්කඩේ උසාවි භූමියටම එයි! (PHOTOS)

කොළඹ LNW: නීතිපතිට එරෙහිව අද (21) අලුත්කඩේ අධිකරණ සංකීර්ණය...