මියගිය ඥාතීන් සමරන්න පුළුවන්. උතුරේ මහවිරු සමරු බෑ – පොලිස් ඇමති

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

උතුරේ ජනතාවට යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිපත් කිරීමට ඉඩ ඇති නමුත් LTTE ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ පින්තූර භාවිතා කරමින් මහවිරු සැමරුම් පැවැත්වීමට ඉඩක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

“නීත්‍යානුකූලව තමන්ගේ ඥාතියෙකුගේ මියයාම සමරන්න ඉඩ තියෙනවා. එහෙත් උතුරේ මහවිරු සැමරුම් කරන්න ඉඩකඩක් නෑ LTTE ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ එහි පින්තූර භාවිතා කරමින්. රටේ නීතියක් තියෙනවා, නීතියට අනුව LTTE සංවිධානය තහනම් සංවිධානයක්. හැබැයි ඕනෑම උතුර වේවා, නැගෙනහිර වේවා, දකුණ වේවා, කඳුරට වේවා, තමන්ගෙ දරුවෙක් මියගියා නම් ඒ දරුවා සිහිපත් කිරීමේ අයිතිය තියෙනවා. ඒ හරහා සමාජයට ඒත්තු යන්න අවශ්‍ය වෙන්නෙ නෑ සංවිධාන හැටියට තහනම් කරපු සංවිධාන යළි ස්මරණය කරමින් යළි ඔවුන්ගේ සංවිධානවල ආධිපත්‍ය යළි ස්ථාපිත කරන්න. අපි කාටවත් බාධා කරලා නෑ තමන්ගෙ මියගිය ඥාතියා සිහිපත් කරන්න. ඒ හින්දා මං හිතන්නෙ බොහෝවිට මේ උතුරේ ජනතාව සමහර අවස්ථාවලදී ඥාතීන් සිහිපත් කිරීම වෙනත් අර්ථකථනයක් දෙමින් සමාජයේ උඩට ගෙනැවිල්ලා තිබෙනවා. නමුත් අපි රටට අවධාරණය කරන්න කැමතියි LTTE සංවිධානය තහනම් සංවිධානයක්, ඔවුන්ට ඉඩකඩක් නෑ ඔවුන්ගෙ ලාංඡන, නිල ඇඳුම්, බැනර් යොදාගනිමින් රණවිරු සැමරුම් කරන්න. එහෙත් අපි කිසිවිටෙක බාධාවක් කරන්නෙ නෑ මේ රටේ කිසිදු පුද්ගලයකුගේ මියගිය ඥාතියෙකු සිහිපත් කිරීමට”

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 23) ගල්ගමුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෙහෙරාන් සහ අනෙකුත් ඉරාන නගරවල දැවැන්ත රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩවම

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මුදල් ඒකකය...

හොර සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ගත් අයගේ විශ්‍රාම වැටුප අර්බුදයක – ඇමති වාර්තාවක් කැඳවයි!

කොළඹ LNW:ව්‍යාජ සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ලබාගත් අයගේ විශ්‍රාම...

මෙලීසා කළ හානිය පියවන්න කෝ ගේ සහය

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ජැමෙයිකාවට මෙලිසා සුළි කුණාටුවෙන්...

සනත් සහ හෙසන් හරහා ලංකාවේ ජයග්‍රහණය දෙසට හැරෙමු

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: පකිස්තානය සහ ශ්‍රී ලංකාව...