ජනපති අනුරගේ උපන් දිනය අද !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපන් දිනය අදට (නොවැම්බර් 24) යෙදී තිබේ.

1968 නොවැම්බර් 24 වනදා මාතලේ, ගලේවෙලදී උපත ලද ඒ මහතා මේ වනවිට 56 වැනි වියේ පසුවෙයි.

පාසැල් වියේ සිටම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට සම්බන්ධ වූ ඒ මහතා 1995දී ජවිපෙ මධ්‍යම කාරක සභාවටත් 1998දී ජවිපෙ දේශපාලන බලමණ්ඩලයටත් පත්විය.

2000 වසරේ සිට අඛණ්ඩවම පාර්ලිමේන්තුව නියෝජනය කළ අනුර කුමාර දිසානායක මහතා 2004 – 2005 සමයේ කෘෂිකර්ම, පශූ සම්පත්, වාරිමාර්ග හා ඉඩම් කැබිනට් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේය.

2014 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස පත්වූ ඒ මහතා 2015 – 2018 සමයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත් කටයුතු කළේය.

2024 සැප්තැම්බර් 21 පැවති ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගයෙන් තරග වැදී ජයග්‍රහණය කළ අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට තුනෙන් දෙකකට වැඩි පාර්ලිමේන්තු බලයක් ද සහිත ආණ්ඩුවකට නායකත්වය දෙමින් සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...