අඩුපීඩන කලාපය නිර්මාණය වෙයි. මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේවන විට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති අතර එය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන්කර නොවැම්බර් මස 25දින වනවිට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ උතුරු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අද (නොවැම්බර් 24) දිනයේදී දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පැවතිය හැක.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර උතුරු මැද පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්ත වර්ජනයකට දින නියම කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමට...

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා අත්අඩංගුවට...

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...