17 න් පහළ සිංහ – කොටි ගැටුම් අදින් ඇරඹෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 24(LNW) කොළඹ :

ශ්‍රී ලංකාවේ සංචාරය කරන බංගලාදේශ අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම් අතර පැවත්වෙන පළමු එක්දින තරගය අද (නොවැම්බර් 24) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.


කිත්ම විදානපතිරණ ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට සිය පාසල් වෙනුවෙන් පළමු පෙළ කණ්ඩායම නියෝජනය කරන සහ එහිදී වාර්තාගත දක්ෂතා දැක් වූ යොවුන් ක්‍රීඩකයින් ගණනාවක් ද ඇතුළත් වෙනවා.කිත්ම විදානපතිරණ,රෙහාන් පීරිස්,සෙනුජ වැකුණගොඩ වැනි ක්‍රීඩකයින් වසර කිහිපයක සිටම සිය පාසල්වල පළමු පෙළ කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයින් ලෙස කටයුතු කරන ක්‍රීඩකයින් බැවින් ඔවුන් සතු විශාල අත්දැකිම් ප්‍රමාණය මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට වැදගත් වෙනු නිසැකයි.
මේ සමඟ වන ඡායාරූපයේ සිටින්නේ ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ නායක කිත්ම විදානපතිරණයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...