2024 මහ මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා භාරදීමට අපේක්ෂකයින්ට දෙසැ. 6 දක්වා කල්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ (LNW):

පසුගිය 2024 මහ මැතිවරණයට අදාළ ආදායම් වියදම් වාර්තා භාරදීමට අපේක්ෂකයින්හට දෙසැම්බර් 6 වැනි දා දක්වා කාලය දී තිබේ.

දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයාට එම වාර්තා ඉදිරිපත් කළ යුතු බව , ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේය. දේශපාලන පක්ෂ වෙනුවෙන්, පක්ෂ ලේකම්වරයා විසින් ආදායම් වියදම් වාර්තා ලබාදිය යුතු බවද පැවසේ.

ස්වාධීන කණ්ඩායම් වෙනුවෙන් වාර්තා ඉදිරිපත් කළ යුත්තේ, එම කණ්ඩායමේ නායකයා වේ. ඒ අනුව මහ මැතිවරණ‍ අපේක්ෂක ලැයිස්තුවේ නම් ඇති සියලුදෙනා, මැතිවරණ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.එම වාර්තා ලබාදීම පැහැර හැරීම මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ගැණෙන වරදක් බව වැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...