මධ්‍යම බේරූට් වෙත ඊශ්‍රායලයෙන් ප්‍රහාර!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මධ්‍යම බේරූට් වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තිබෙන අතර , ගාසා තීරයේ මුස්ලිම් පල්ලියකට හා රෝහලකට ද ප්‍රහාර එල්ල කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාර වලින් ගාසා තීරයේ ද පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් තිබෙන බවත්, කමල් අද්වාන් රෝහලට හා නුසෙයිරාට්හි අල්-ෆාරුක් පල්ලියට එල්ල වූ ප්‍රහාර වලින් බවත් වාර්තා වේ.

මේ අතර ඊශ්‍රායල ප්‍රහාරයකින් මධ්‍යම බීරූට් හි මහල් අටකින් යුත් ගොඩනැගිල්ලක් විනාශ වී තිබෙන අතර, ඉන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තවත් 66 දෙනෙකු තුවාල ලබා සිටින බවත්, ඊශ්‍රායලය උතුරු ගාසා තීරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ප්‍රාණ ඇපයේ සිටි කාන්තාවක් මිය ගිය බව හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇත.

මේ අතර ඊශ්‍රායල ජාතිකයන් දහස් ගණනක් ටෙල් අවිව්හි වීදිවලට ​​බැස සටන් විරාම ගිවිසුමක් ඉල්ලා විරෝධතාවක නිරත වී ඇති අතර, ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර වලින් පලස්තීනුවන් 44,176දෙනෙකු මිය ගොස් ඇති අතර ලෙබනනයේ පුද්ගලයන් 3,670ක් ද මිය ගොස් තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...