සටහන – පුලී
නොවැම්බර් 24, කොළඹ (LNW): මේ නොවැම්බර් මාසයේ Game of Thrones සහ එහි අතුරු කොටස් පිළිබඳව බොහෝ කසුකුසුවක් තිබුණු අතර, ඉන් නාට්‍ය මාලාවෙන් ඇති වූ අවසාන වේදනාව සමනය කළ හැකි බව ගම්‍ය කර ගත හැකිය.
2019 දී කතා මාලාව අවසන් වූ දා පටන්, HBO හි Game of Thrones, House of the Dragon නමින් තවත් වැඩසටහනක් හරහා පුළුල් කෙරිණි. Dance of Dragons යනු Westeros ඉතිහාසයේ නැරඹීමට වටින කොටසක් වුවද, රසිකයන් බොහෝ දුරට කතාව ඉදිරියට ගෙන යන මාලාවක් තවමත් සොයමින් සිටිති.
HBO ඇත්ත වශයෙන්ම Game of Thrones සඳහා අනුප්‍රාප්තිකයන් කිහිපයක් සඳහා වැඩ කරමින් සිටින බව මීට පෙර සිටම වාර්තා විය.
මෙම නාටකාකාර කතා මාලාවෙහි කතුවරයා මෑතකදී Reykjavik හි පැවති අයිස්ලන්ත නොයාර් උත්සවයකට සහභාගී වූ අතර එහිදී ඔහු ලබන වසරේ තිරගත වීමට නියමිත A Knight of the Seven Kingdoms සහ House of the Dragon හි ඊළඟ කතා වාරවලට අමතරව, රසිකයන් පුදුමයට පත් කළේ අනුප්‍රාප්තිකයන් ද එන බව පවසමිනි.
හවුස් ඔෆ් ද ඩ්‍රැගන් හි කතුවරයා වන මාර්ටින්, අ නයිට් ඔෆ් ද සෙවන් කිංග්ඩම්ස් සහ ඉදිරියේදී එන “ඒගොන් ද කොන්කරර්(“Aegon the Conqueror)” පූර්ව කතා මාලාව ගැන සඳහන් කළ නමුත් අනුප්‍රාප්තික මාලාව ආවරණය කරන්නේ කුමක්ද යන්න පිළිබඳව කිසිදු ඇඟවීමක් ලබා දුන්නේ නැත.
මෙම කතා මාලාවන් මොනවාදැයි යන්න පිළිබඳව රසිකයින් අතර විවිධාකාරයේ මතිමතාන්තර පවතින්නේ කුතුහලය පිරිච්ච හැගීම් සමුදායක් සමඟිනි.
කතාවේ කාගේත් ප්‍රියතාවයට පත් ආර්යා ස්ටාර්ක් සහ ජොන් ස්නෝ අවධානය යොමු කළ අනුප්‍රාප්තිකයන් හි බොහෝ විට වැඩ කටයුතුවල නියැලී සිටිය හැකිය.
එක් අනුප්‍රාප්තිකයක් සම්පූර්ණයෙන්ම ජෝන් ස්නෝ කෙරෙහි අවධානය යොමු කළ හැකි බව ද රසිකයන් ප්‍රකාශ කරනු ඇත. අවසන් කතාමාලාවේදී කාගේත් තිබුණු ලොකුම ගැටලුව නම්, එය නිම නොවුණු සහ දුර්වල ලෙස සැලසුම් කල අවසානයක් බවයි. කෙසේ වෙතත්, මෙම අනුප්‍රාප්තික කතාමාලාවකින් පහසුවෙන් විසඳා ගත හැකි ගැටළු දෙකක් වේ. සමහරවිට අපට බ්‍රැන් රජු ලෙස සහ ජොන් තාප්පයෙන් ඔබ්බට ජීවත් වන ආකාරය, ආර්යා බටහිරට යන ආකාරය හෝ සන්සා උතුරු රැජින ලෙස මෙහෙයවන ආකාරය පිළිබඳව ඉදිරි කතා මාලාවන් දැක ගත හැකි වනු ඇත.