නිශ්මං රණසිංහ නොවැම්බර් 24, කොළඹ LNW:
ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ පිරිමි ක්‍රිකට් කණ්ඩායම බංගලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායමට එරෙහිව තෙදින තරග දෙකකට සහ එක්දින තරග තුනකට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගියා.කොළඹ රාජකීය විද්‍යාලයේ රෙහාන් පීරිස් නායකත්වය දරන මෙම කණ්ඩායමට වැඩිම ක්‍රීඩකයින් පිරිසක් සුදුසුකම් ලබා තිබෙන්නේ ද රාජකීය විද්‍යාලයෙන් වන අතර ඒ ප්‍රමාණය තුනක්.
රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකුත් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකුත් සහ මහනුවර කිංග්ස්වූඩ් විද්‍යාලයෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකුත් තරගාවලියට සහභාගි වන 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.
තරග කාල සටහන සහ කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් ද,ඔවුන් නියෝජනය කරල පාසල ද පහත දක්වා තිබෙනවා.
1.රෙහාන් පීරිස් – නායක රාජකීය විද්‍යාලය, කොළඹ 07 2. අරෝෂ සිතුමිණ දේවපතිරාජ විද්‍යාලය, රත්ගම 3. චනුල් කොඩිතුවක්කු කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර 4. හිරුන් මතීෂ රාජකීය විද්‍යාලය, කොළඹ 07 5. පුල්ජිත් වත්සුක දේවපතිරාජ විද්‍යාලය, රත්ගම 6. සනුල් වීරරත්න මහානාම විද්‍යාලය, කොළඹ 03 7. හිමරු දේශාන් රාජකීය විද්‍යාලය, කොළඹ 07 8. ස්ටීවන් පීරිස් ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස 9. ජේසන් ප්‍රනාන්දු ශාන්ත පීතර විද්‍යාලය, කොළඹ 06 10. මනිත රාජපක්ෂ මහින්ද විද්‍යාලය, ගාල්ල 11. ලහිරු ලක්මාල් ක්‍රිස්තු රජ විද්‍යාලය, ජා-ඇල 12. කැනුල පිහිළිනාග කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර 13. මිනුග නෙත්සර හරිසන්ද්‍ර විද්‍යාලය, මීගමුව 14. ගිම්හාන් මෙන්ඩිස් ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස 15. නදුන් බණ්ඩාර මලියදේව ආදර්ශ පාසල, කුරුණෑගල
තරග කාල සටහන
නොවැම්බර් 27 සිට 29 දක්වා පළමු 3-දින තරගය SBNS, මිර්පූර්
දෙසැම්බර් 02 සිට 04 දක්වා දෙවන තුන්දින තරගය 3-දින BSC, බෂුන්ද්‍ර
දෙසැම්බර් 7 පළමු එක්දින තරගය BSSFLMRCS, Chattogram
දෙසැම්බර් 09 දෙවන එක්දින තරගය BSSFLMRCS, Chattogram
දෙසැම්බර් 12 තෙවන එක්දින තරගය BSSFLMRCS, Chattogram



