පාසල් පැසි පන්දු පැස තවමත් විස විහිඳුවමින් ඇත

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 24, කොළඹ LNW:

පාසල් පැසිපන්දු තරගාවලියේ කාන්තා අවසාන තරග නොපැවත්වීම නිසා තරගාවලියේ සිටි දක්ෂතම කණ්ඩායම්වලට විශාල ගැටළු ගණනාවකට මුහුණ පාන්නට සිඳු වී ඇත.එහි ඇතැම් නිලධාරීන්ගේ ව්‍යාපාරික අවස්ථාවන් පෝෂණය කිරීමේ අරමුණෙන් ප්‍රමිති ගත උපකරණ ආදිය භාවිතයට නොගෙන තරග පවත්වන නිසා එම තරග විනිශ්චය සඳහා සුදුසුකම් ලද විනිසුරුවන් නොයොදවන බව අපි මීට පෙර ද පෙන්වා දුන්නෙමු.ඇතැම් අවස්ථාවන්වලදී පාසල් සිසුන් ද මේ තරග විනිශ්චය සඳහා යොදා ගන්නා බව ද අපි ඡායාරූප සහිතව පෙන්වා දුන්නෙමු.


එහෙත් තවමත් මේවා සම්බන්ධයෙන් පාසල් පැසි පන්දු ක්‍රීඩාවට වන හානිය ගැන අධ්‍යාපන බලධාරීන්ට හෝ අධ්‍යාපන ක්‍රීඩා බලධාරින්ට වගකීමක් ඇති බවක් පෙනෙන්නට නොමැත.තවමත් අවසන් තරග සංවිධානයේ සහ එම සංවිධානය විසින් යොදන ලද විනිශ්චයේ පහළ ප්‍රමිතීන් සහ සංවිධායක්යන්ගේ දුර්වල තීරණ මත තීරණයක් දීමට නොහැකිව සිරව සිටින පාසල් පැසි පන්දු පරිපාලනයේ වරදින් අවසන් තරග පැවත්වීමට නොහැකි වූ කාන්තා පාසල් විශාල මුදලක් නාස්ති කර තීරණයක් නොමැතිව බලාගෙන සිටිති.


ඇතැම් පාසල් ලක්ෂ 10 සහ 20 අතර මුදලක් දැනටත් වැය කර ඇත.මේ තත්ත්වය මත තීරණයක් ගෙන නවත්වා තිබෙන තරග පැවත්වීම දැණුම් නොඳුන්නද එම කණ්ඩායම්වල ක්‍රීඩාවේ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමට දිගින් දිගටම පුහුණුවිම් පවත්වාගෙන යාමට ද සිඳුව ඇත.උසස් පෙළ විභාගය පැවත්වෙන තත්ත්වයක ඒ සදහා පාසල් භූමිය ලබා ගැනීම සහ පුහුණුකරුවන්ට ඇති විවේකයේ ගැටළු නිසා ද දෙපාර්ශවයටම සුදුසු වේලාවන් තීරණය කිරීමේදි පිටත ක්‍රීඩාංගණවලට යෑමට සිඳුවන අවස්ථා ද,පුහුණුව වෙනුවෙන් පහසුකම් සැපයිමේ වියදම් දැරීමට සිඳුවෙන තත්ත්වයක මේ පාසල් දරන ලද වියදමට තවත් වියදම් එකතු වෙමින් ඇත.


එසේම සෑම කණ්ඩායමකම දරුවෙකුට නිවාඩු කාලය භුක්ති විදිමේ අයිතිය අහිමි වි ඇති අතර බොහෝ පාසල්වල තරග ඉතුරුව ඇති ක්‍රීඩිකාවන්ට විනෝදවිම සඳහා බැහැර යාමට පවා ඉඩ නොදෙමින් දෙමව්පියන් සමඟ ගැටෙන්නට ද පාසල් බලධාරීන්ට සිඳුව ඇත.ඒ බොහෝ විට මේ තරග සංව්ධානයේ ප්‍රධානම දුර්වලකමක් වන හෙට පැවත්වෙන තරග පිළිබඳ අද රාත්‍රියේ දැණුම් දෙන සංස්කෘතිය නිසාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Game of Thrones හි අනුප්‍රාප්තික කතාවන් ගැන මාර්ටින් ගෙන් ඉඟියක්!

සටහන – පුලී නොවැම්බර් 24, කොළඹ (LNW): මේ නොවැම්බර් මාසයේ...

බංගලාදේශ යන 17 න් පහළ කණ්ඩායමේ වැඩි පිරිසක් රාජකීයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 24, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 17...

ශ්‍රී ලංකාව ICAO සමඟ සබඳතා ශක්තිමත් කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW : ඩුබායි ගුවන් ප්‍රදර්ශනය...

CID එක යොදවා මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ දැරීම හෙලා දකිනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපා‍ර්තමේන්තුව...