Wednesday, November 30, 2022
spot_img

Latest Posts

තිලංගව පිළිගන්නේ නෑ – සන්ධානයේ හවුල්කාර පක්ෂ 5කින් නිවේදනයක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහලේකම්වරයා වශයෙන් තිලංග සුමතිපාල මහතාව පත්කිරීම තමන් පිළිනොගන්නා බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂ 5ක් පවසයි.

ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂ පෙන්වා දෙන්නේ එජනිස මහලේකම්වරයා ඉවත්කර වෙනත් අයෙකු පත්කරන්නේ නම් එම සන්ධානයෙහි ව්‍යවස්ථාව අනුව එහි විධායක සභාව හෝ හවුල්කාර පක්ෂ දැනුවත් කළයුතුව ඇතත් එවැන්නක් සිදු නොවූ බවයි.

මහජන එක්සත් පෙරමුණ, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ දේශ විමුක්ති ජනතා පක්ෂය විසින් නිකුත් කරන ලද එම නිවේදනය පහතින් දැක්වේ.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.