මධ්‍යම ආසියානු වොලිබෝලය එක්ක හැප්පෙන්න ශ්‍රී ලංකාව පකිස්තානයට

මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය මෙහෙයවන CAVA Nations League Men’s Volleyball තරඟාවලිය අද (නොවැම්බර් 24) පකිස්තානයේ දී ආරම්භ වෙනවා. පකිස්තානයේ ලාහෝර් හී පැවත්වෙන මෙම තරගාවලිය 28 වන දා නිමාවීමට නියමිත අතර එම තරගයට ලසිදු මෙතමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමද සහභාගි වෙනවා. චන්න ජයසේකර ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාව කණ්ඩායමට අමතරව මෙම තරඟාවලිය සඳහා පකිස්තානය, ඉරානය, බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානයද එක්ව සිටිනවා.
දිවයිනෙන් පිටත් වීමට ප්‍රථම ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී.
අසුන්ගෙන වමේ සිට
අයේෂ් දිල්හාර (උප නායක), සුසිරි මංගල- අභ්‍යාසක, චන්න ජයසේකර- ප්‍රධාන පුහුණුකරු, මහේෂ් අබේරත්න මහතා- කළමණාකරු, නිෂාන් ඉන්දික- සහය පුහුණුකරු, කපිල විජේසිංහ- සම්භාහක, ලසිදු මෙත්මාල්- නායක
පසුපස පේලියේ වමේ සිට
මනෝජ් සුරංග, සජිත් කැළුම්රත්න, උදයංග සොයිසා, ලක්ෂාන් කැලණියගේ, ශමිල් මලින්ද, වසන්ත ලක්මාල්, මලිත් දිනිදු, ධනුෂ්ක දිල්ෂාන්, මලීෂ රවිෂාන්, හර්ෂක සිල්වා

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...