*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/24

1. රටේ ස්ථාවරත්වය ඇති වන තුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි – රජය වෙනස් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන උත්සාහයන්ට ඉඩ නොතබන බවට දිවුරුම් දෙයි:
අවශ්‍ය වුවහොත් හමුදාව යොදවා හදිසි බලතල භාවිතා කරන බවට ද ප්‍රකාශ කරයි: ජූලි 13 වෙනිදා පාර්ලිමේන්තුව අල්ලා ගැනීමේ උත්සාහය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සහ එහි නායක කුමාර් ගුණරත්නම්ට චෝදනා කරයි. තවද අරගලයට මාධ්‍ය මැදිහත්වීම පිළිබඳව සෙවීමට කොමිසමක් පත් කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.

2. නියමිත කාලය තුළ විදේශ විනිමය ඉපැයීම් පරිවර්තනය කිරීමට අපොහොසත් වන අපනයන සමාගම් ප්‍රකාශයට පත් කරන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ගෙන් ප්‍රකාශයක්!
යථාර්ථවාදී නොවන සහ අඩු දේශීය අගය එකතු කිරීම් ප්‍රකාශ කරන බව කියන මහා පරිමාණ අපනයනකරුවන් 50 කට අධික පිරිසකට එරෙහිව දඬුවම් ක්‍රියාමාර්ග ගන්නා බවට ඔහු තර්ජනය කරයි.

3. ඕනෑම “Debt-For-Nature” හුවමාරුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මණ්ඩල අනුමැතියට යටත් වනු ඇත’ යන්න ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ප්‍රකාශ කරයි.
සාර්ථක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනකින් තොරව, වසර 4ක් පුරාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ හි ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල රජයට ලබා ගත නොහැකි බව ද ඔ​හු පවසයි.

4. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නොවැළැක්විය හැකි බවට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආර්ථික ගුරු හර්ෂ ද සිල්වාගෙන් ඉඟියක්!
ආර්ථිකය පෙරළීමේ අවදානම ඉස්මතු කරමින් දේශීය ණය ගැනීම් මත 2023 දී පොලී ගෙවීම් සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කරයි.

5. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අඛණ්ඩව විදුලිය උත්පාදනය කිරීමේ දුෂ්කරතා ගැන ලංවිම ඉංජිනේරුවෝ අනතුරු අඟවති.
ණය පැහැර හැරීමේ ප්‍රතිඵලයක් ලෙස ගල් අඟුරු මිලදී ගැනීමට ණය පහසුකම් නොමැතිකම නිසා ගල් අඟුරු මිලදී ගැනීම බරපතල ලෙස අඩාල වී ඇති බව ද ඔවු​හු ප්‍රකාශ කර සිටිති.

6.මහ බැංකු දෛනික විනිමය අනුපාත දත්ත වාර්තා වලට අනුව, 2022 නොවැම්බර් 17 වන දින සිට මහ බැංකුව විසින් ඇමරිකානු ඩොලර් එකකට 360.99 (ගැණුම් මිල) සහ 371.83 (විකිණුම් මිල) ලෙස රුපියල “ස්ථාවර” කර ඇත.

7. මැතිවරණ අපේක්ෂකයින් සඳහා වියදම් සීමා පැනවීමේ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලැබේ!
මහජන නියෝජිතයින්ගේ විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීම සඳහා නව නීතියක් අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කරයි.

8.සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට සභා ගර්භයෙන් පිටව යන ලෙස කථානායකගෙන් නියෝඟයක්!
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාට පහර දීමට උත්සාහ කිරීම හේතුවෙන් වන අතර ඔහුව පාර්ලිමේන්තු සැසිවාරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

9.රටේ පැවති ආර්ථික අර්බුදය පිළිබඳව එවකට මුදල් අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකා කිහිපයක් හරහා කැබිනට් අමාත්‍යවරුන් සම්පූර්ණයෙන් දැනුවත් කළ බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරයි.

10. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට ඇප!
කෙසේ වෙතත්; තවත් සිද්ධියකට අදාළව උන්වහන්සේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙසැම්බර් 6 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan