ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයෙන් ඉල්ලීමක් කරයි..

Date:

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව සිය පක්ෂය දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාළ පෞද්ගලීකරණ වැඩපිළිවෙල සිදුකිරීමට පෙර ඒ සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීමක් අවශ්‍ය බවට රජයට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ප්‍රගතිශීලි වෘත්තීය ශාඛා සංගමයේ සුබ සාධක වැඩපිළිවෙලේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.

“අපේ ප්‍රතිපත්තිත් එයාලගේ ප්‍රතිපත්තිත් අතර පොඩි පොඩි මතගැටුමක් තියෙනවා. මොකද ජාතික සම්පත් පුද්ගලීකරණය පිළිබඳව අපි හැමදාම එකඟතාවයකට ආවේ නැහැ. නමුත් අද රටේ තිබෙන ආර්ථික තත්ත්වය අනුව සමහර දේවල් කරන්න සිදුවෙනවා. මේවා කරනකොට අපේ සාමාජිකයින් එක්ක කොහොමද මුහුණදෙන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. පහුගිය ටිකේම අපේ ලේකම්තුමත් මමත් අගමැතිතුමත් විවිධ අවස්ථාවල සාකච්ඡා කළා මේ පිළිබඳව අපි ගතයුතු ක්‍රියාමාර්ගය මොනවද කියලා.

ඒ නිසා අපි රජයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා අපිට ජනාධිපතිතුමත් එක්ක ‌මේවා පුද්ගලීකරණය කරන්න නැත්තනම් අනෙකුත් කටයුතු කරන්න ප්‍රථමයෙන් අපිවත් දැනුවත් කරන්න කොහොමද කරන්නේ අපේ සාමාජිකයින්, වැඩකරන පන්තිය ආරක්ෂා කරන්න. ඒ හින්දා අපි ඒ වෙනුවෙන් නිතිපතා පෙනී සිටිනවා කියන එකත් මේ මොහොතේදී තමුන්නාසේලා එක්ක කියනවා. මොකද අපි වෘත්තීය සමිතයක් හැටියට කේලම් කිය කියා ඇවිදින කණ්ඩායමක් නෙමෙයි.”

ලෙස වැඩිදුරටත් ගාමිණී ලොකුගේ මහතා පවසා ඇත.

රෂිකා හෙන්නායක
2022.11.24

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...

2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී HAC රන් සහ ඉහළම ජයග්‍රාහක සම්මාන දිනා ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : ලංකා ජාතික කර්මාන්ත...

OPA හි සභාපති ලෙස තිසර ද සිල්වා පත් වෙයි(2025/2026)

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : 2025/2026 වර්ෂය සඳහා...

රටම එකට විශේෂ මෙහෙයුමෙන් තවත් 638ක් අත්අඩංගුවට!

කොළඹ LNW:අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසුකර ගැනීම...