*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ඔළුව ජපන් කඳ ජර්මන් ජයක්

ජර්මනියේ VfL Bochum ක්‍රීඩා සමාජය නියෝජනය කරන ටකුමා අසානෝ සහ ජර්මනියේ SC Freiburg ක්‍රීඩා සමාජය නියෝජනය කරන රිට්සු ඩෝන් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෙරළිකාරම ජයග්‍රහණයක් සඳහා ජපානයට දායකත්වය දැක්වීය.ඒ ප්‍රබල ජර්මන් කණ්ඩායම ගෝල 2- 1 ක් ලෙස පරාජය කිරීම සඳහා රැස් කරන ලද ඓතිහාසික ගෝල දෙකේ හිමිකරුවා වෙමින්ය.
වේගය සහ ආස්වාදජනක පා චලනයන් සහිත ජපන් ක්‍රීඩකයෝ කඩිසර කුහුඹු රැලක සිරි ගත්හ.ආරම්භයේ සිටම වේගයෙන් පන්දුව වෙත ඒම සහ ජර්මන් සිරුරුවලට වඩා කුඩා බුහුටි සිරුරු වේගයෙන් චලනය කරමින් ජර්මණියට ප්‍රබල තර්ජනයක් එල්ල කළේය.ඒ නිසාම තරගයේ මුල් බෘගයේම ජපානයට ජර්මන් දැල ආක්‍රමණය කරන්නට හැකි වුවත් එය ඕෆ් සයිඩ් ගෝලයක් බවට තීරණය විය.තරගයේ 33 වන විනාඩියේදී ජර්මණියේ ගුවෙන්ඩෝගන් ගෝලයක් ලබා ගනිමින් තරගයේ පළමු අර්ධය ඔවුන්ගේ වාසියට නතු කර ගනිමින් නිමා කළ ද,ජපානය කළබලයකින් තොරව සැළසුම් සහගත වියමනක් කරන බව දකින්නට ලැබිණ.
ඒ වියමනේ හැඩ දමන්නන් ඔවුන් පිටියට කැදවා ගන්නේ පළමු අර්ධයෙන් පසුවය.57 වන විනාඩියේදී පිටියට කැද වන ටකුමා අසානෝ ජපානයේ ජය සහතික කළ දෙවන ගෝලය වාර්තා කළේ 83 වන විනාඩියේදී ය.ඊට පෙර ගෝය රිට්සු ඩෝන් වාර්තා කරන්නේ 75 වන විනාඩියේදී ය.ඔහු පිටියට කැඳවන්නේම 71 වන විනාඩියේදී ය.ජර්මන් පාපන්දු රටාව සමඟ බද්ධ මේ යුගලයට තව දුරටත් තරගය ගමන් කරන ආකාරය සම්බන්ධයෙන් හැදෑරීමකුත් ලබා නිසි මොහොතේ පිටියට කැඳවන්නට ජපානය කළ සැළසුම නිවැරදි විය.තුරුම්පු අවශ්‍යය මොහොතේදී කැඳවන තුරු ලැබෙන දේ අතිරේකය.ජපානයට එවැනි අත්රේක නොලැබුණු අතර තුරුම්පුම යොදා මෙවර ලෝක කුසලානය දිනනු ඇතැයි තෙවන තැනට විශ්වාසය පළ වී තිබෙන ජර්මනිය පරාජය කළේය.
මේ මොහොතේ ජර්මනිය 11 වන තැනත්,ජපානය 24 වන තැනත් ලෝක ශ්‍රේණිගත කිරීම් හී පසුවන අතර වත්මන් ලෝක සූරයන් වන ප්‍රංශය සිටින්නේ එම ශ්‍රේණිගත කිරීම් හී සිව්වන තැනය.ඔවුන්ට 38 වන තැන සිටින ඕස්ට්‍රේලියාව හමු වූ අතර අවසන් ප්‍රතිපලය 4 – 1 ක් වූ ජයක් බවට පෙරළා ගැනීමට ප්‍රංශයට හැකි විය.නමුත් මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම් හී 12 වන තැන සිටින වත්මන් ලෝක අනු සූරයන් වන ක්‍රොඑෂීයාව ට තමන්ට මුණ ගැසුණු ප්‍රතිවාදියා අභිබවා යන්නට නොහැකි විය.ශ්‍රේණිගත කිරීම් හී 22 වන තැන සිටින මොරොක්කෝව හමුවේ ඔවුන්ට හැකි වුණේ තරගය 0- 0 සේ ජය පරාජයෙන් තොරව නිමා කර ගන්නටය.
ස්පාඤ්ඤ්ය මෙවර තරගාවලියේ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ කණ්ඩායම බවට පත් වූයේ කොස්ටාරිකාවට එරෙහිව ගෝල 7 ක් වාර්තා කරමින්ය.හත්වන තැනට ශ්‍රේණිගතව සිටින ස්පාඤ්ඤය 31 වන තැන සිටින කොස්ටාර්කාවට එරෙහිව ගෝල හතක් රැස් කරද්දී, කොස්ටාරිකාවට ගෝල ලබා ගන්නට එකඳු අවස්ථාවක් හෝ නොලැබිණ.ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අළුයම කාලයේ දී වත්මන් ලෝක ශ්‍රේණිගත කිරීම් හී දෙවන තැන සිටින බෙල්ජියමට කැනඩාව හමු විය.නමුත් 41 වන තැනට ශ්‍රේණිගතව සිටින කැනඩාව බෙල්ජියම ඉදිරියේ කරට කර හැසිරීමක් ප්‍රදර්ශනය කරන්නට සමත් විය.අවසාන ප්‍රතිපලය බෙල්ජියම ජයග්‍රහණය කිරීම වුවත්,එහි ලකුණු පූවරුව 1 – 0 ක් සේ තබා ගන්නට කැනඩාව ශක්තිමත් විය.
මෙවර තරගාවලියේ වැඩිම ගෝල ප්‍රමාණයක් වාර්තා වූ දිනය ඊයේ විය.මෙවර වේලාවෙන් සළකා බෙල්ජියම ජයගත් තරගය අත හැිරියද ඊයේ දිනයේ සම්පූරණයෙන් වාර්තා වූ ගෝල ප්‍රමාණය 15 ක් විය.බෙල්ජියම සහ කැනඩා තරගයද ඇතුළත් වූ පසු එය 16 කි.දැල රකින්නන්ගේ විශ්මිත හැකියාවන් විසින් දැල් ආවරණය කර දැමූ මෙවර තරගාවලියේ ප්‍රහාරයන් දැල තුළට තදින්ම කඩා පැන්න දවස ඊයේ උදා වූ අතර මේ තත්ත්වය මත ඉදිරියේදී තරගාවලිය ප්‍රහාරකයන්ගේ වේගය සහ ශක්තිය සමඟ දැල රකින්නන් සිය නමණීය ශරීර හරහා සිඳු කරන විශ්මිත පන්දු ආවරණයන්ගේ චමත්කාරයද සහිතව, මෙවර ලෝක කුසලාන තරගාවලිය අපූරු මතක සටහන් තබන එකක් වනු සැක නැති බව කිව හැකිය.
ඡායාරූපයේ සිටින්නේ ලෝකයේම අවධානය දිනා ගත් ජර්මණියට එරෙහි ජපාන ජයග්‍රහණයට මාවත විවර කළ රිට්සු (වමේ) සහ ටකුමාය .(දකුණේ)

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan