හැමදේටම එහෙයි කියන්න ව්‍යවස්ථා සභාව කියන්නේ සිරිකොතේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නොවෙයි – සජිත්

Date:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පොලිස්පතිවරයා සහ විනිසුරුවන් කිහිප දෙනකු පත් කිරීමට අපොහොසත් වූ බව, තමා නොමැති අවස්ථාවක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් කළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යනු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය නොවන බව ජනාධිපතිවරයාට මතක් කළ යුතු බවත් එය ඔහු කියන කියන විදිහට සිටිය යුතු සභාවක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පොලිස්පතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් අවස්ථා 2ක දී අනුමත කර පත් කළත් දෙවැනි පත්වීම ලබා දෙන විට පැහැදිලිවම තුන්වැනි පත් කිරීම ස්ථිර පත් කිරිමක් විය යුතු යැයි පවසා එතැන් සිට ජනාධිපතිවරයා එවන තාවකාලික නම් ප්‍රතික්ෂේප කළ බවත් මෙහි දී ඇති වූ ව්‍යාකූලත්වයට ව්‍යවස්ථා සභාව කිසිසේත්ම වගකිවයුතු නැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එසේම ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා පත් කිරීමේ කරුණේදී සත්‍ය නොවන කාරණා ඉදිරිපත් කර රට නොමග යැවීම සුදුසු නොවන බවත් කරූ ජයසූරිය මහතා කතානායකවරයා සිටිය දී එසේ හදිසි පත් කිරීම් සිදු නොකළ බවත් ඒ අවස්ථාවේ දී හදිසි ඡන්ද පවා පැවැත්වූ බවත් එබැවින් ඒ අවස්ථාවේ එවැනි දෙයක් සිදු නොකර වර්තමානයේ ව්‍යවස්ථා සභාව ගන්නා තීන්දු තීරණ රට අකර්මන්‍ය කිරිමක් ලෙස පිළිනොගන්නා බවත් ව්‍යවස්ථාදායක සභාව කුඹුරක් මැද සිටින පඹයෙක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තවද රටේ ආර්ථික අර්බුධය හොයන්න තේරීම් කාරක සභාවක් පත් කළත් මේ වන විට අර්ථිකය අර්බුධයට හේතු වූ පුද්ගලයන් සම්බන්ධයෙන් අධිකරණය විසින් තීන්දුවක් ලබා දී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රජයට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පවා තවමත් තේරීම් කාරක සභාවක් පත් කිරීමට නොහැකි වී ඇති බව යි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...