මානව හිමිකම් කොමිසමෙන් අලුත් වැඩක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

ඒ, පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් සකස් කරමිණි.

මෑත කාලීනව පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයාම ඉහළ යාම සලකා බලා එම පියවර ගත් බව, මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළ අතර, 2023 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් පුද්ගලයින් 20කට අධික සංඛ්‍යාවක් පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇති බවද පැවසීය.

දෙසැම්බර් මස 11 වැනිදා ලෝක මානව හිමිකම් දිනයට සමගාමීව එම මාර්ගෝපදේශ එළිදක්වන බව නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් වැඩිදුරටත් කීවේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...