ඔබත් RDMNS.LK ගැන දැනුවත්ද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දුම්රිය දෙපාර්තමේන්තුව නව ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

ඒ දුම්රිය ආසන වෙන්කිරීමේදී ජනතාව වෙත පැන නගින ගැටළු සඳහා විසඳුමක් ලෙස RDMNS.LK දුරකථන යෙදවුම හඳුන්වා දී ඇති අතර, නවතම විශේෂාංගය රැසකින් මෙම ඩිජිටල් ක්‍රමවේදය සමන්විත බව දෙපාර්තමේතුව සදහන් කරයි.

මෙම විශේෂාංගය ආසන වෙන් කිරීමේ දුම්රියන් පිළිබඳ සියලු තොරතුරු ඉතා පහසුවෙන් දැනගත හැකි ආකාරයට නිර්මාණය කර ඇති අතර, දුම්රිය මැදිරි තුළට පිවිස නැරඹීමේ හැකියාව, ආසන වෙන් කිරීමේ ගාස්තු, දුම්රිය මැදිරිවල ඡායාරූප, ආසන වර්ග, ආසන අංක, එක් එක් ක්‍රමවේද ඔස්සේ ආසන වෙන් කිරීමේ උපදෙස්, වීඩියෝ දර්ශන, නිතර අසන ප්‍රශ්ණ සහ දුම්රිය කාලසටහන වැනි තොරතුරු රැසක් සිංහල සහ ඉංග්‍රීසි යන භාෂාවලින් පරිශීලනය කර පහසුවෙන් ලබාගත හැකිවන අයුරින් නිර්මාණය කර ඇත.

තවද, RDMNS.LK ජංගම දුරකථන යෙදවුම හරහා සජීවී දුම්රියන් තිබෙන ස්ථානය, සජීවී ප්‍රමාදය සහ ඒ අනුව ඉදිරියට ඇති දුම්රිය ස්ථාන සඳහා ලඟාවීමේ අපේක්ෂිත වේලාවන්, සජීවී පුවත් ඇතුළු දුම්රිය සම්බන්ධ සේවා රැසක් ලබාගැනීමේ හැකියාවද මේ තුළ පවතී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...