*
Thursday, February 29, 2024
spot_img

Latest Posts

ඇලෙක්සැන්ඩ්‍රා ….

ෆාහියන්.. මාර්කෝ පෝලෝ … වස්කෝද ගාමා… ඉබ්න් බතූතා වගේ දේශ ගවේශකයන්ගේ නම් සහ විස්තර අපිට හොඳට අහල පුරුදුයි.

මේ මිනිස්සු, බය… සැකය සහ අවිනිශ්චිතබව වගේ හැඟීම් පැත්තකින් තියල රටින් රටට මහද්වීපයෙන් මහද්වීපයට ගමන් කරපු නිසා ලෝකයට ලැබුනු දැනුම හා අත්දැකීම් බොහොමයි.

මේ අයට අපි කියනව එක්ස්ප්ලෝරර් හෙවත් ගවේශකයන්… එහෙමත් නැත්තං සංචාරකයො කියල.

විශේෂත්වය තියෙන්නෙ අපිට නිතරම ඇහෙන නම් පුරුශ පක්ශයේ වීම.

කොන්තර් කියන්නෙ දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙත් 1960 – 1970 දක්වා ජීවත් වූ චරිත විශේෂයක්.

සමහරු වුර්තියෙන්ම කොන්තර්ලා. කාන්තා හා පුරුෂ පක්ශයේ දෙපිරිසම මේ කොන්තර්ලාට අයිති වෙනව.

කොන්ත ද ෆේ ( Conte de fées) කියන්නෙ ප්‍රංශ භාශාවෙන් සුරංගනා කතාවලට.

මෙන්න මේ වගේ සුරංගනා කතා… කතංදර… රට රට විස්තර ගමින් ගම කියමින්…. ගමෙන් ගමට … නගරෙන් නගරෙට යන අයට අපි කියනව කොන්තර් ( Conter )කියල. කොන්තර් කියන්නෙ පාවෙන පුස්තකාල වගේ දැනුම තියන…. රහස් පොතක් වගේ අද්භූත කතා දිග හරින පුදුම මිනිස්සු…. අහන්න ඉන්න ආස විදිහට කතා කරන.. මිනිස්සු වශීකරන අපූරු කතාකාරයො. ( මාරියා 19 වන පරිච්ඡේදය)

ඇලෙක්සැන්ඩ්‍රා කියන්නෙ කොන්තර් කෙනෙක් වෙන්න හීන දැකපු දරුවෙක්.

එයා උපදින්නෙ 1868 අවුරුද්දෙ ටියුනීසියාවෙ. ටියුනීසියාවෙ ඉපදුනත් තමන්ගෙ දෙමාපියන් එක්ක ප්‍රංශයට සංක්‍රමණය වෙන ඇලෙක්සැන්ඩ්‍රා ඩේවි​ඩ් …ජීවිතය ගැන මුල්ම පාඩම ඉගෙන ගන්නෙ අවුරුදු තුනේදී.
1871 අවුරුද්දේ පැරීසියේදි කොමියුනාර්ඩ්වරු සිය ගාණක් වෙඩි තබා ඝාතනය කරන්න නියම වෙන්නෙ අසාර්ථක කැරැල්ලක් හේතුවෙන්.

ඇලෙක්සැන්ඩ්‍රාගෙ තාත්තා එයාව එක්කන් යනව මේ සිද්ධිය පෙන්නන. ඒ එක්කම එක්තරා ආකාරයක පාඩමක් කියල දෙනව ජීවිතය කියන්නෙ මොකද්ද.. කොයි තරම් සුළු අතපසුවීමකින් ඉවර වෙන්න පුළුවන්ද.. කොයිතරම් කෙටිද වගේ පණිවිඩයක් එක්ක.

“නගරෙන් නගරෙට ඇවිදින්න ඕනෙ… රටින් රට යන්න ඕනෙ… ලෝකෙ දකින්න ඕනෙ… මෙහෙම ඇවිදින ගමන් මම තැනින් තැන කතංදර කියමින් යනව.” ඇලෙක්සැන්ඩ්‍රා මෙහෙම කියන්නෙ අවුරුදු හතර පහ තරම් වයසෙදි.

අවුරුදු පහලව වෙද්දි තනියම එංගලන්තයේ සංචාරය කරන්න හිතාගෙන ගෙදරින් පිටවෙන ඇලෙක්සැන්ඩ්‍රාට ආපහු හෙදර එන්න වෙන්නෙ මුදල් හිඟකම නිසයි.

නමුත් අවුරුදු දහ අට වෙද්දි තමන් විසින්ම මුදල් උපයාගෙන ස්පාඥ්ඥය… පෘතුගාලය… ස්විට්සර්ලන්තය… නෙදර්ලන්තය හා බ්‍රිතාන්‍යයේත් සංචාරය කරන්න ඇලෙක්සැන්ඩ්‍රාට පුළුවන් වෙනව.

තරුණ කාලෙදිම ඇලෙක්සැන්ඩ්‍රාට මුනගැහෙනව නැගෙනහිර යුරෝපයේ මැඩම් බ්ලාවාට්ස්කි.

මැඩම් බ්ලාවාට්ස්කි කියන්නෙ දර්ශණවාදයටත් වඩා අද්භූත විද්‍යාවට තමන්ගෙ කාලය වැය කරපු කාන්තාවක්.

ලංකාවට විකාර රූපී බුද්ධාගම හඳුන්වාදෙන හෙනරි ඕල්කට් මහත්තයාගෙ සහායිකාව වෙන්නෙ මෙන්න මේ බ්ලාවාට්ස්කි මැඩම්.

අපි මේ ගැන කතා කලා වික්ටෝරියානු සංස්කෘතිය ලිපි පෙල හරහා.

ආපහු කතාවට යමු. ඇලෙක්සැන්ඩ්‍රා ටික කලක් මේ භූත විද්‍යාව හැදෑරුවත් එයාට ඕනෙ වෙන්නෙ සංචාරය කරන්න.

ආබ්‍රහමික් ආගම් බිහිවීමත්… අරාබි සංස්කෘතිය අප්‍රිකානු හා මැදපෙරදිග කලාප ආක්‍රමණය කිරීමත් එක්ක නිදහස අහිමිවෙන කාන්තාවන් ගැන ඇලෙක්සැන්ඩ්‍රා කතා කරනව.

ඒකට හේතුවෙන්නෙ තනියම සංචාරය කරන ඇලෙක්සැන්ඩ්‍රාව නිතරම තද විවේචනයන්ට ලක්වීම.

නැගෙනහිර රටවල දර්ශණයට තදින්ම ඇලුම් කරන මේ දේශ ගවේශක තරුණිය බුදු දහම වැලඳගන්නවා 1889 වර්ශයේදී.

1889 වර්ශයේදී ලියන Lamp of Wisdom පොතේ මේ ගැන බොහොම ලස්සන කතාවක් කියනව.

තුර්කිය පර්සියාව හරහා ඇෆ්ඝනිස්තානයට සංචාරය කරන ඇලෙක්සැන්ඩ්‍රා ඩේවිඩ්ට අවශ්‍ය වෙන්නෙ උතුරු ඉන්දියානු බුදු දහමත් ..දර්ශණයත් හදාරන්න. ඒ එක්කම මූලිකම උවමනාව වෙන්නෙ ටිබෙටය හෙවත් තිබ්බතයට ඇතුල් වෙන්න.

නමුත් මේ වෙද්දි ටිබෙටය විදේශිකයන්ට තහණම් ප්‍රදේශයක්.

නේපාලය…. භූතානය… වියට්නාමය… ලාඕසය කොරියානු අර්ධද්වීපය වගේම ජපානයේත් ඇලෙක්සැන්ඩ්‍රා සංචාරය කරනව.

පෙරදිග විශ්වාසයන් ගැන දීර්ඝ ලෙස අධ්‍යයනය කරන මේ කාන්තාව ජෛන පූජකයන් හා ලාමාවරුන් ඇසුරෙන් ජීවිතය තේරුම් ගන්න උත්සාහ කරනව.

හිමාල කඳු… තාර් කාන්තාරය… මොංගෝලියානු තණබිම් හරහා සංචාරය කරන පලවෙනි කාන්තාව බවට ඇලෙක්සැන්ඩ්‍රා පත්වෙනව.

නැවත යුරෝපයට පැමිනියත් ඇලෙක්සැන්ඩ්‍රා ඩේවිඩ්ගෙ අවශ්‍යතාවය කෙසේ හෝ ටිබෙටයේ සංචාරය කිරීම.

නීති රීති … තහණම් නියෝග හා ජීවිත තර්ජන සතේකටවත් මායිම් නොකරන ඇලෙක්සැන්ඩ්‍රා ටිබෙටයට ඇතුල්වෙන්නෙ 1924 අවුරුද්දෙ.

ටිබෙටයට ඇතුල්වෙන ප්‍රථම විදේශීය කාන්තාව විතරක් නෙවේ මේ කාලය ආසන්නයේ ටිබෙටයේ සංචාරය කරන ඉතාම සුළු සංචාරකයන්ගෙන් කෙනෙක් වෙන්න ඇලෙක්සැන්ඩ්‍රාට පුළුවන් වෙනවා.

ඇලෙක්සැන්ඩ්‍රා ඩේවිඩ් නීල් ගැන කතා කරන්න තොරතුරු ගොඩයි.

නමුත් එයා කියපු වාක්‍ය කීපයක් පහුගිය දවසක කියවන්න ලැබෙනව ශෙවල් ගමේ සංචාරය කරන අතරතුර.

ඇල්ප්ස් කදුකරයේ මේ තරුණිය තනියම සංචාරය කරන්නෙ හිමාලය කදු තරණයට අවශ්‍ය අත්දැකීම් ගන්න බවයි එයාගෙ දිනසටහන් තුල ලියවෙන්නෙ. මෙන්න මේ විදිහටයි ඇලෙක්සැන්ඩ්‍රා ශෙවල් ගම හරහා යන්නෙ.

“ගැහැණිය කියන්නෙ දුර්වල සත්වයෙක් නෙවෙයි. නමුත් ආගම්වලින් ගැහැනියව බැඳදාලා… ඇයව බලෙන් දුර්වල කරලා..යුරෝපා සංස්කෘතියෙ​න් ගැහැනිය සුමට හා දුර්වල කරද්දි අරාබි සංස්කෘතියෙ​න් එයාව ගේ මුල්ලෙ තියන සෙල්ලම් භාන්ඩයක් කරනව. මේ ඔක්කොම සමාජය විසින් බලෙන් පටවපුවාම… ඒ බරත් අරන් ගැහැණියට අමාරුයි ඇවිදින්න. නීති රීති සංස්ක්ෘතිය පැත්තක තියල… ඇවිදින්න… ඇවිදින්න ලෝකය දකින්න. එහෙම ඇවිදිනකොට තේරෙයි බෙරිහන්දෙන ආගම් හා සංස්කෘතික වාදීන් කොයිතරම් පොඩියිද කියල.”

සිතියම් අලුතෙන් ඇඳපු… මගතොට විස්තර තැනින් තැන සටහන් කරපු… පොත් ගණනාවක් ලියල පලකරපු ඇල්ක්සැන්ඩ්‍රා නීල් වෙනම අධ්‍යනය කල යුතු චරිතයක්. එයා යන යන තැන අපූරු මතක ඉතිරි කරල යනව. ඒ මාර්ගයේ යද්දි අහන්න දකින්න… ඉගෙනගන්න පුලුවන් දේ… එමටයි.

සාරි ගවුම් පටලවගෙන … බුර්කාවෙන් මුළු ඇඟම වහගෙන සෙල්ලම බඩුවක් වෙන්නද කාන්තාවන්ට ඕනෙ..? ඇලෙක්සැන්ඩ්‍රා ප්‍රශ්ණ කලේ දැනට අවුරුදු සීයකට කලින්.

ආගම හෝ සංස්කෘතිය කියන්නෙ මිනිසුන්ට සීමා පනවන උසාවි නෙවෙයි.. නමුත් මිනිසුන්ව නිදහස් කරන හුලංරැලි විය යුතුයි.

Image : Alexandra David-Néel 1868 – 1969

~ Malcolm Sang

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

sakarya escort bayan Eskişehir escort bayan

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan