ජනතාවට හොඳ සේවයක් ලබාදීමට සෞඛ්‍ය සේවාවේ නව තීරණ රැසක් ගත්තා – සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): උපරිම, විශ්වාසදායි සෞඛ්‍ය සේවාවක් ජනතාවට සැපයීම වෙනුවෙන්, වැදගත් තීරණ රැසකට එලෙඹි බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

ඖෂධ සැපයිම්, ජාලය කාර්‍යක්ෂමතාව, විධිමත් සහ වඩාත් විනිවිද භාවයකින් යුතුව ගුණාත්මක ඖෂධ කලට වේලාවට සැපයීමට හැකි එකක් ලෙස සකස් කිරීම වෙනුවෙන් අදාල සියලු පාර්ශ්ව සමග ඊයේ ( 23) විශේෂ සාකච්ජා කිහිපයක් පැවැත්වුනු බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටී.

තවද ඒ මහතා පැවසූවේ, පවතින වැසි තත්වය සමග ඉහල යන ඩෙංගු අවදානම හමුවේ ඩෙංගු වසංගතයක් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර කඩිනමින් ගන්නැයි තමන් සියලු වගකිවයුතු අංශවලට විශේෂ උපදෙස් නිකුත් කල බවයි.

ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේ, ඩෙංගු මර්දන ක්‍රියාවලියේ දැනට තිබෙන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඒවා විසදාගැනීමට ඊයේ පැවැත්වුනු සාකච්ජාවලින් හැකියාවක් ලැබුනු බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...