සටහන – නිශ්මං රණසිංහ
කොළඹ (LNW): අද ලංකාවේ ක්‍රිඩාවට අතිශයින් වැදගත් දවසක්.එක් ක්‍රීඩාවක් වසර ගණනක ඇවෑමෙන් පසුව ජාත්‍යන්තර පිටියේ වාත්තිමය බැරියරය පෙරළන මොහොතක්.එක්සත් අරාබියේ අද ඇරඹෙන ප්‍රදර්ශනාත්මක වෘත්තීමය බේස්බෝල් ලිගයේ දී ඕල් ස්ටාර් ඊස්ට් කණ්ඩායම නියෝජනයට හෂාන් දිලිප් ඇතුළත්ව සිටිනවා.
“මේ දේ කාලයක සිට පැමිණි ගමණක පලයක්.ඒක මගෙ අලුත් තනතුරත් එක්ක ලෝකයට ලංකාවෙ බේස්බෝල් අරගෙන යන්න තිබුණ ඉඩ පළල් කරන අවස්ථාවක්.ලෝකයේ විශාල සංස්කෘතියක් හැටියට බේස්බෝල් වෘත්තිමය මට්ටමෙන් ක්‍රියාත්මක වන රටවලට ලංකාවෙ බේස්බෝල් ගැන පණිවිඩයක් අරගෙන යන තානාපතිකමක් ඇත්තටම මේ වෙලාවෙ හෂාන් කරන්නෙ.මම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න,විශ්ව විද්‍යාල කණ්ඩායමට ක්‍රීඩා කරන්න පෙර ක්‍රීඩාවට අත්පොත් තියපු රණබිම රාජකීය විද්‍යාලයෙ අපිත් එක්කම එතැන ඉදලා ජාතික කණ්ඩායමට එනකම්ම එකට හිටපු සංජීව ජයරත්න තමයි හෂාන්ගේ පුහුණුකරු.ඉතා දුෂ්කර වෑවල වැවේ විද්‍යාලයට ගිහිං බේස්බෝල් ආරම්භ කරලා සංජීව කරපු මේ විශාල විප්ලවයට පුහුණු කඳවුරු ආදිය පවත්වලා දායක වෙන්න ලැබිච්ච කෙනෙක් හැටියට හෂාන් හැදුණ හැටි අ යන්නෙ ඉදලා මමත් දන්නවා.සංජීවගෙ උනන්දුවට සහ කැපවීමට වගේම හෂාන්ගෙ දක්ෂතාවයටත් මම ඉතාමත් ගෞරවයෙන් සුභාශිංෂන පතනවා”
ශ්‍රී ලංකා බේස්බෝල් පරිපාලනයේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වගකීම පැවරුණු තීක්ෂණ ගම්මන්පිල කියලු ඒ වචන ඔස්සේ හෂාන්ගේ හමුව පසුවට තබා අපි ස්වීඩනයට අන්තර්ජාල සබැඳයාවන් ඔස්සේ පියවර නඟා සංජීව හමු වුණා.
“හෂාන් ඔතැනට ආවෙත්,වෑවල ස්කෝලෙ බේස්බෝල් තියෙන තැනට ආවෙත් පහසු ගමණක නෙමෙයි.ඒක හරි දුෂ්කරයි.අයියා මේ පිංතූරය බලන්නකො”
සංජීව තාක්ෂණය යොදා ගනිමින් එවන පිංතූරයක මේ ලෝකය ජය ගන්න හාදයා අඹ ගොඩක් එක්ක ඉන්නවා.

“මේ අඹ විතරක් නෙමෙයි අපි දරුවන්ගෙ ගෙවල්වලින් දෙන්න පුළුවන් පළතුරු,එලවළු වගෙම මේ පැත්තෙ අයගෙ ප්‍රධාන ආදායම් මාර්ගය වන ලූණුත් ගෙනත් වෑවල ස්කෝලෙ පොළවල් දානවා.ඒවයෙන් තමයි සමස්ත ලංකා තරගවලට යන්න සල්ලි හොයා ගන්නෙ.මේ එහෙම පොළක හෂාන් අඹ විකුණපු තැනක්”
රසවත් අඹ විකුණන්නේ ඔවුන් ජීවිතේ තිත්ත නැකි කර ගැනීමටය.වෑවල රණබිමෙන් නිර්මාණය කර රටට දායාද කළ සංජීව ජයරක්න නම් බේස්බෝල් ක්‍රීඩකයා එන්නේ ක්‍රීඩා ගුරුවරයෙක් ලෙසටය.ඔහු හොඳින්ම දන්නා ක්‍රීඩාව බේස්බෝල් ය.වෑවල දරුවන් අතර බේස්බෝල් වියදම නොව එදා වේල සරි කර ගන්නත් දුෂ්කර දරුවන් බොහෝමය.ඒ අතර ඇතැම් හූ හොඳ ජීවිත ගත කරන්නට අවශ්‍යය ආර්ථික ශක්තිය නැත්තෝ ද නොවෙති.නමුත් නැති බහුතරයක් සමඟ බේස්බෝල් නමත් ආගන්තුක පිරිසක් ඉදිරියේ 2012 වර්ශයේ මේ ගුරුවරයාට දැනෙන බේස්බෝල් ක්‍රීඩා කරවන්න ඕනි යන හීනය සැබෑ කරගන්න දුෂ්කර වන්නේ නැත.ඒ සිය රණබිම රාජකීය මිත්‍ර සංධානයේ ආදරණිය ලෙංගතුකමේ පිදීම් සමඟය.

සංස්කෘතික ආශිර්වාදය,තැන තැන බැමි මත සිතුවම් ඇදෙන රැල්ලේ වෑවල දරුවන්ගෙ හද මත ඇඳුණ සංජීවගෙ රුව බැමි මතට සම්ප්‍රාප්ත වීම
වරෙක ඔවුන් පැමිණ පුහුණු කඳවුරු කරන්නේය.සටහන මුල තීක්ෂණ ගම්මන්පිල ද කී වැඩ සටහන් ඒවාය.වරෙක කොහොම හරි කළමණාකරනය කර රණබිමේ බේස්බෝල් බඩු ටිකක් ඉංගිරියද පසුකර වෑවල දක්වා සැතපුම් 25 ක් එන්නට පාර හදාගන්නේ ද ආදරය නිසාය.
ඒ අතර නැඟෙක තාක්ෂණික ගැටළු නැතිකම ගැන ඇහේ ඇති කඳුළුවලට පහර දී අවුස්සන්නට තරම් පොහොසත්ය.
“සාමාන්‍යයෙන් වමෙන් පන්දුව අල්ලා යොමු කරන අය අඩුයි.වමෙන් යොමු කරන කෙනෙක් ආරක්ෂාවට දකුණට දාන අත් ආවරණ තියෙන්න ඕනි.මේකට විසඳුමක් නැති තැන වමටම අත් ආවරණ දාලා පන්දුව ඒකෙන් අල්ලලා,ඒක ගලවලා වමෙන්ම පන්දුව යොමු කරන්න සිඳු වූ අවස්ථා තිබුණා”
අඩන්න තරම් අසරණ වන ගැටළු දරාගෙන අනෙකා ඒ නැතිකමේ ශක්තිය ඉදිරියේ ගොදුරු කර ගැනීමේ මහා හයිය හිතක් වෑවල කොළු රෑන තුළ තිබිණ.සංජීව ඒ සිඳුවීම ගැන කියමින් ඒ ශක්තියට උදාහරණ දෙන්නට පටන් ගන්නේ වසරක් ඇතුළක ඒ සියලු බාධක ඉවත් කර වෑවල ලබන ජාතික මට්ටමේ ජයග්‍රහණ ගැන මුමුණමින්ය.

ජපානය මවික කළ හෂාන්ගේ උඩ පන්දුව
ආරම්භක වර්ෂය 2013 වුණාට 2013 දී ම අවුරුදු 14 න් පහළ ජාතික බේස්බෝල් සූරතාවය දිනා ගන්න හේනට,කුඹුරට දෑත සවි දිය කරන වෑවල පුත්තුන්ට හැකි වෙනවා.ඊට පස්සෙ ජාතික පාසල් පිටියෙ ජයග්‍රහණ අතර නිතර කියවෙන නමක් හැටියට අද වෙනකම්ම වෑවල නිම කියවෙනවා.
“පළමු වරට අවුරුදු 18 න් පහළ ජාතික කණ්ඩායමට තමයි වෑවල දරුවෙක් තේරෙන්නෙ.ඒ 2018 දී.ඒ දරුවට ටුවර් එක යන එක ලොකු ප්‍රශ්නයක් වුණා.ගම්මන්පිල අයියලා ඇතුණ මගේ රණබිම යාළුවො වගේම ඒ කාලෙ ස්කෝලෙ හිටිය විදුහල්පතිතුමා විජිත දිසානායක ස්ර් දඹුල්ලේ එළවළු වෙළදාම් කරන අය ළඟට ගිහිං පෞද්ගලිකව කතා කරලා ඒ දරුවට යන්න පාර හදනවා.”
දැන්නම් ආපසු හැරී බලන කළ මේ දුක් පැණි රස විය හැකිය.ඉනික්බිති අවුරුදු 15 න් පහළ ජාතික කණ්ඩායමට නායකත්වය දෙන්න තරමට වැවල බේස්බෝල් හපන්නු පොහොසත් විය.එහෙත් එැ හැකියාවෙන් පමණි.තවමත් ඒ පොහොසත්කම්වලට හරස්වන භෞතික දුප්පත්කම් එහෙම්මමය.දඹුල්ලට සැතපුම් විසිපහක් දුර තියෙන පාසලෙන් ලෝක මට්ටමෙන් රටේ ක්‍රීඩාවකට තිබුණ බැරියරයක් බිඳින මේ වීරත්වය වෙනුවෙන් පාරට පැන පිසෙන කිරිබත් නැත.නමුත් ක්‍රිකට් අතුරු කමිටුවක් වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් ද පැමිණ තිබියදි දඹුල්ලේ පාරේ කිරිබත් ඉදෙන දේශපාලනයක් නම් ඇත.මේ රටේ හැටි එබඳුය.
“සමහර දරුවො විද්‍යාපීඨ ගියා.සමහර දරුවන්ට හැකියාවන්ට සරිලන රැකියාවක්වත් නැතුව තාත්තලගෙ අම්මලගෙ පස්සෙ හේනට යන්න,කුඹුරට යන්න වෙනවා.මේක තමයි ඇත්ත.හෂාන්ලත් එක්ක හිටිය එක දරුවෙක් එයාර් ෆෝර්ස් ගියා.හෂාන් ආමි එකට ගත්තා.සමහර විට හෂාන්ට එහෙම අවස්ථාවක් නාවනම් අද ඔහු මේ මොහොතෙ මේ ජාත්‍යන්තර ලීගයේ නොසිටින්නට ඉඩ තිබුණා.සමහර වෙලාවට හේනෙ සමහර වෙලාවට කුඹුරෙ වෙන්න තිබුණා.”

ලෝ ප්‍රකට මරියානෝ ඩන්කන් සමඟ
සංජීව මුමුණන ඇත්ත තිත්තය.ඔහු නොමැතිව රගර් ක්‍රීඩාවේ දක්ෂයෙක් මේ පාසලට ආවේනම් සහ සංජීවට වැනි මිත්‍ර සමාගමක් සිටියේනම් වෑවල දරුවෝ අද රගර් පිටියේ වැඩ දමනවා වන්නට තිබිණ.
“ශුෂ්ක පොළවත් එක්ක හැප්පෙන දරුවන්ගේ හිතත් හයියයි.ගතත් හයියයි.මේ අයට පහසුකම් තියෙනවනම්,දැණුම පුහුණුව දෙන්න පිරිස ඉන්නවනම් ක්‍රීඩාව විතරක් නෙමෙයි මේ දරුවන්ගෙ අධ්‍යාපනයත් පිළිවෙලකට ගන්න පුළුවන්.මේ ලෝකෙ ලංකාවට තියෙන බැරියර් කඩාගෙන යන්න,රටම දිනන්න පුළුවන් පිරිස හැඳෙන්නෙ 350 ක් විතර සමස්ත ශිෂ්‍ය කණ්ඩායමක් අතරින්”
අප කියන කතාවට සහතික දෙන්නේ සංජීවය.වසර දෙකක් පමණ කාලයක් බිරිදගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ස්වීඩනයට ගොස් එහි ජිවත්වන සංජීවට සමහර දේ වඩාත්ම දැනෙනවා ඇත්තේ ඒ පරිසරය සමග සංසන්දනාත්මකව සිතීමෙන්ය.හැකියාව හඳුනා ගැනීමට ක්‍රමවේද එහි ඔහු දකිනු ඇත.හඳුනාගත් හැකියාවන් සුරැකීමට සහ වර්ධනයට ඇති පුළුල් මාර්ගද එමටය.ඉතිං එවැනි පොළවක නැතුව කටු මැටි පැළක ඉපිද සිය හැකියාවෙන් ශ්‍රී ලංකාවටම නොතිබුණ ඉඩක් බේස්බෝල් කේෂ්ත්‍රයේ පළමුයරට සහතික කරන හෂාන්ව ඔහු ඒ පොළවේ තබා සිතන තත්පරයේ දකින්නේ යෝධයෙක් ලෙසය.
වැඩපිිළිවෙලක් මුල් හැටියට නොතිබෙන පොළවක හෂාන් මේ තබන පියවර කෙබඳුද?
“අපි දැකලා තිබුණෙ ජපානය සහ කොරියාව තමයි.මේ අවස්ථාව එන්නත් විශාල ජපාන බේස්බෝල් සංස්කෘතියට අභියෝග කරමින් හෂාන් රැකගත්තු උඩ පන්දුවක් හේතු වෙලා තියෙනවා.ඒක ජපන් මාධයවල පවා පළවෙලා තියෙනවා.ජපානය දක්ෂයව අගයනවා.පිළිගන්නවා.ඒකට උදාහරණය අපේ හිටපු මැරතන් සූර කරුණානන්දගෙ පරාජයෙන්ද ආශිර්වාදයක් අරගෙන එය රටටම කියා දීම”
සංජිව එතැනින් නොනැවතී දැවන්තම බේස්බෝල් සංස්කෘතීන් ඇති රටවල දළ කාරයින් සමඟ සම පෙළට සිටගන්නට හැකි ගෝලයෙක්ගේ මුල් ගුරු වීම ගැන මෙන්ම එයින් ඔහු රටම අවධානයට ලක් කිරීම ගැන මෙන්ම රටට දිය හැකි මහා අත්දැකීම් ප්‍රමාණයක් රැඟෙන ඒම හඳුන්වන්නේ ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවට දෙව්ලොවට තැණුන පාරක් තරම් වටින ආකාරයටය.
“මේක ලෝකය අපි ගැන දැනගන්න අපිට මේ දක්වා ඇර ගන්න බැරි වෙච්චි විශාල දොරටුවක් විවර කර ගැනීමක්.ඒක රටක් හැටියට පාවිච්චි කරන්නෙ කොහොමද කියන කාරණය එක්ක තමයි ලංකාවේ බේස්බෝල් ලෝකයට දැනෙන එක පළල් වන්නෙ නගෙම හෂාන් රටට කොච්චර වටිනවද කියන එක තීරණය වන්නෙ”

හෂාන්
සංජීවගේ වදන් හරියටම හරි බව අපේ ද විශ්වාසය වන්නෙමු.අද හෂාන් විවර කරන ලෝකයේ දිග පළල ගැන දිනෙක ඔහුගෙන්ම අසා දැන ගන්නට ඉඩ තබමින් මේ ද්වාරයේ පළල තව තවත් පුළුල් කරමින් ලංකාවේ බේස්බෝල් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සිහිනය සැබෑ කරන්නට සටන් වැදි තීක්ෂණ ගම්මන්පිලට,නව තනතුර සමඟ ඒ සටනට හොඳ ආයුධ කට්ටලයක් හෂාන් විසින් සපයා ඇති බවත් අපි සිහියේ කබන්නෙමු.

සංජීව ක්‍රීඩා කරන අවදියේ දී
