බිහිසුණු බස් අනතුරක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ (LNW):

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ  අද (25) උදැසන 6.40 ට පමණ වටවල කැරොලයිනා වත්ත ප්‍රදේශයේ දී, පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටී අද (25) උදෑසන අනතුරක් සිදුව ඇත.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් සහ කොළඹ සිට හැටන් බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකි.

පොලිසිය සඳහන් කරන්නේ, හැටන් සිට මහනුවර දක්වා අධික වේගයෙන් ධාවනය කර ඇති පෞද්ගලික බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථය දැක බස් රථයේ තිරිංග ක්‍රියාත්මක කිරිමේදි පෞද්ගලික බස් රථයේ පසුපස කොටස ලිස්සා ගොස් ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පිටුපස කොටස දෙකට කැඩීමෙන් මෙම අනතුර සිදු වි ඇති බවයි.

අනතුරෙන් සිව් දෙනෙකු තුවාල ලබා ඇත .වටවල පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ ,පවතින අයහපත් කාලගුණයත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙසයි.

අනතුරෙන් පෞද්ගලික බස් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර , අනතුර සම්බන්ධයෙන් වටවල පොලිසිය පරික්ෂණ පවත්වන බව වැඩි දුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...