උඩු දුවන E 8 වීසා ගිවිසුම් ප්‍රශ්නය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ (LNW):

අදාළ ගිවිසුම්වල වලංගු භාවය පරීක්ෂා කිරීම වෙනුවෙන් , විවිධ පාර්ශවවලින් ලැබුණු E 8 වීසා ගිවිසුම් අද(25) නීතිපතිවරයාට භාරදීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඊ 8 වීසා යනු කෙටිකාලීනව මාස 8 ක් දක්වා කෘෂිකර්ම සහ ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා දකුණු කොරියාවට පැමිණීමට අවසර ලබාදෙන ක්‍රමවේදයක් බව, එහි අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා සඳහන් කළේය.

තවද, කොරියාවේ කෙටිකාලීන රැකියා අවස්ථා හිමිවුණු එහෙත් කොරියාවට යෑමට අවස්ථාව නොලැබුණු පිරිසක් එක්ව සිදුකරන විරෝධතාව අදත් ක්‍රියාත්මක වන අතර, සත්‍යග්‍රහ ව්‍යාපාරය ඊ 8 වීසා එකමුතුව නමින් -අද තුන්වැනි දිනටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට ක්‍රියාත්මක 
බව විරෝධතාකරුවන් පැවසුවේ ය.

107 දෙනෙකුගෙන් යුතු එම පිරිසට දකුණු කොරියාවට යෑමට නොහැකි වී ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා නොදීම හේතුවෙන් බව පැවසේ.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...

2025 දී මාධ්‍යවේදියෙකුට මාරාන්තිකම ස්ථානය පලස්තීනයද?

රෂිකා හෙන්නායක ජනවාරි 01 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දී...