ට්‍රම්ප්ගේ කැබිනට් තනතුරුවලට ලොකුම බලපෑම ලොකු පුතාගෙන්

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දේශපාලනයට අමතරව ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොලර් මිලියන ගණනක උරුමයක්, වෙළඳ නාමයක් සහ මිල අධික දේපළ වෙළඳාම් රාශියක් ඇති රාජවංශයක් ගොඩනඟා ගෙන ඇති අතර එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත්‍රයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් මේ වන විට ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩලය ගොඩ නැගීමේ දී පවුලේ වඩාත්ම බලගතු උපදේශකයා බවට පත්ව ඇති බව ජාත්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් රොයිටර් වාර්තා කර තිබුණේ, ඩොනල්ඩ් ට්‍රම්ප් සිය වැඩිමහල් පුත්‍රයා වන ට්‍රම්ප් ජූනියර් වෙත ධවල මන්දිර උපාය මාර්ග පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා දැඩිව විශ්වාසය තබා ඇති බවයි.

ට්‍රම්ප් ජුනියර් විසින් කරන ලද පත් කිරීම් අතර ට්‍රම්ප්ගේ නියෝජ්‍ය නායකයා වශයෙන් ඔහියෝ සෙනෙට් සභික JD Vance පත් කිරීම, එන්නත් සංශයවාදී සහ කුමන්ත්‍රණ න්‍යායාචාර්ය රොබට් එෆ් කෙනඩි ජූනියර් සෞඛ්‍ය ලේකම් ලෙස පත් කිරීම හා ජාතික සෞඛ්‍ය ආයතනවල මීළඟ අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍යවරයකු සහ ආර්ථික විද්‍යාඥයකු වන ජේ භට්ටාචාර්ය උසස් කිරීම මේවනවිට කාගේත් කතාබහට ලක්ව තිබේ.

මේ සම්බන්ධයෙන් ෆොක්ස් නිවුස් වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් ජුනියර් සඳහන් කර තිබුණේ, මෙමඟින් බලාපොරොත්තු වන්නේ දක්ෂ හා පක්ෂපාතී පුද්ගලයින්, මගේ පියා වට කර ගැනීමක් වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...