ට්‍රම්ප්ගේ කැබිනට් තනතුරුවලට ලොකුම බලපෑම ලොකු පුතාගෙන්

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දේශපාලනයට අමතරව ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොලර් මිලියන ගණනක උරුමයක්, වෙළඳ නාමයක් සහ මිල අධික දේපළ වෙළඳාම් රාශියක් ඇති රාජවංශයක් ගොඩනඟා ගෙන ඇති අතර එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත්‍රයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් මේ වන විට ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩලය ගොඩ නැගීමේ දී පවුලේ වඩාත්ම බලගතු උපදේශකයා බවට පත්ව ඇති බව ජාත්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් රොයිටර් වාර්තා කර තිබුණේ, ඩොනල්ඩ් ට්‍රම්ප් සිය වැඩිමහල් පුත්‍රයා වන ට්‍රම්ප් ජූනියර් වෙත ධවල මන්දිර උපාය මාර්ග පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා දැඩිව විශ්වාසය තබා ඇති බවයි.

ට්‍රම්ප් ජුනියර් විසින් කරන ලද පත් කිරීම් අතර ට්‍රම්ප්ගේ නියෝජ්‍ය නායකයා වශයෙන් ඔහියෝ සෙනෙට් සභික JD Vance පත් කිරීම, එන්නත් සංශයවාදී සහ කුමන්ත්‍රණ න්‍යායාචාර්ය රොබට් එෆ් කෙනඩි ජූනියර් සෞඛ්‍ය ලේකම් ලෙස පත් කිරීම හා ජාතික සෞඛ්‍ය ආයතනවල මීළඟ අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍යවරයකු සහ ආර්ථික විද්‍යාඥයකු වන ජේ භට්ටාචාර්ය උසස් කිරීම මේවනවිට කාගේත් කතාබහට ලක්ව තිබේ.

මේ සම්බන්ධයෙන් ෆොක්ස් නිවුස් වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් ජුනියර් සඳහන් කර තිබුණේ, මෙමඟින් බලාපොරොත්තු වන්නේ දක්ෂ හා පක්ෂපාතී පුද්ගලයින්, මගේ පියා වට කර ගැනීමක් වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IDAG සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සාර්ථකව නිමවෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය...

සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ සිරගත...

සිහින පාසැල අපි යතාර්ථයක් කරනවා – අගමැතිනිය සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:'සිහින පාසලක්' කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම...

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...