*
Tuesday, December 10, 2024
spot_img

Latest Posts

අනුරගේ තීරණය හරි – රාජිත

කොළඹ LNW:ප්‍රමාද වී හෝ නිවැරදි මාවතට ගමන් කිරීම, සත්‍ය දැකීම පිළිබඳව වත්මන් ජනාධිපතිවරයාට තමන් ප්‍රශංසා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

ඒ,නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඒ අනුව ජනාධිපතිවරයා පවසන දේ ඒ අයුරින්ම ඉටුකර නැවත රට ආර්ථික අර්බුදයකට යොමුනොවන පරිදි කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා යනුවෙන් තමන් සුභ පතන බවද සේනාරත්න මහතා සඳහන් කළේය.

”අද ජනාධිපතිතුමා කියනවා IMF එක හොඳ හෝ නරක IMF එකත් එක්ක තමයි යන්න ඕනේ කියල. බොහොම හොඳයි. ප්‍රමාද වෙලා හෝ සත්‍ය දැකීම, ප්‍රමාද වෙලා හෝ නිවැරදි මාවතට ගමන් කිරීමේදී අපි ඔවුන්ට ප්‍රශංසා කරනවා. මේක තමයි මම පහුගිය මාස ගණනාවක් සමඟි ජන බලවේගයේ සිටිමින් ප්‍රකාශ කළේ මෙන්න මේ කරුණ. මේ සත්‍ය තමයි එදා කතා කළේ. මම එළියට බැහැල කිව්වෙත් ඒක. අපේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ මංගල රැළිය තිබුණේ අනුරාධපුරයේ. ඒ මංගල රැළියේ සිට මහ මැතිවරණයේදී මම පරාද වෙන අවසාන රැස්වීමේදීත් කිව්වේ එක කතාවයි. ආර්ථිකය ගැන. රනිල් වික්‍රමසිංහ මහත්මයාම කියල තිබුණා එකෙක්නෙක්ට දෝෂාරෝපණය කරමින් රාජිත විතරයි දේශපාලන කතා කළේ කියල. අපි ආවේ දේශපාලනය කරන්න මිස වෙන දෙයක් කරන්න නෙවෙයි. ඒ නිසා අපි දන්නා දේශපාලනය අපි කියනවා. එතකොට මොකක්ද අද මේ IMF එකත් එක්ක යනවා කියන්නේ. රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙලත් එක්ක යනවා. රනිල් පරදිනවා. පරද්දපු එක්කෙනා කියනවා මම එයාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවා කියල. ඒක තමයි මේ රටේ දේශපාලනය. ඉතින් අපි බලන් ඉන්නවා. මේ IMF එකත් එක්ක යන ගමන ඉතාමත්ම හොඳයි. එහෙම ගියොත් විතරයි මේ ආර්ථික උගුලෙන් ගොඩඑන්නේ. එදාට තමයි මේ රටේ මිනිස්සු හරියට හුස්මක් ගන්නේ. ඒ නිසා මේ කියන කතාව ඒ විදිහටම ක්‍රියාත්මක කරමින් නැවත මේ රටේ ආර්ථිකය අර්බුදයකට යොමුකරන්නේ නැතුව යෑමට ඒ ජනාධිපතිතුමාට සියලු ශක්තිය ධෛර්ය ලැබේව කියල මම කියනවා.” යනුවෙන් රාජිත සේනාරත්න මහතා තවදුරටත් පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan